Home News Breaking 22 හැවිරිදි කාන්තාවක් දූෂණය කල උළුමෝල් හිමියා වෙනුවෙන් පෙනී සිටින්න නීතිඥවරු පොරකයි

22 හැවිරිදි කාන්තාවක් දූෂණය කල උළුමෝල් හිමියා වෙනුවෙන් පෙනී සිටින්න නීතිඥවරු පොරකයි

2,623 views
SHARE

මීගමුව දළුවකොටුව ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටින 22 හැවිරිදි කාන්තාවක් දූෂණය කිරීමේ වරදට අත්අඩංගුවට ගනු ලැබූ උළු මෝල් ව්‍යාපාරිකයා හට ඇප දීම මීගමුව මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව ලබන අප්‍රේල් 18 වෙනිදා දක්වා ඔහු බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණා.

තමන් ළඟ සේවය කරන සේවකයෙකුගේ බිරිඳටයි ඔහු මෙලෙස අතවර කර තිබෙන්නේ.

එම සේවකයා ගෙදර නොමැති අවස්ථාවක් බලා ගෙට ඇතුළුවී ඇති බව සඳහන්.

අතවර කළ මෙම උළුමෝල් හිමියා වෙනුවෙන් පෙනී සිටීමට සැලකිය යුතු නීතිඥ පිරිසක් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීම විශේෂ සිදුවීමක් ද වනවා.

කොච්චිකඩේ පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ධර්ම තිලක සහ පොලිස් පරීක්ෂක එස්.ජී.එම්.කේ ගුණසේන යන අය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site