Home C Gossip අම්පාරේ තිදෙනෙකු මියගියේ ගවයින් 7ක් මරා දුන් දානය කෑ නිසාද ?

අම්පාරේ තිදෙනෙකු මියගියේ ගවයින් 7ක් මරා දුන් දානය කෑ නිසාද ?

701 views
SHARE

පසුගියදා අම්පාර වානගමුව, ජුම්මා මුස්‌ලිම් පල්ලියේ පැවති උත්සවයේදී රාත්‍රි ආහාර අනුභව කිරීමෙන් පසු ආහාර විෂවීම හේතුවෙන් තිදෙනෙකු මියගොස් ඇති බවට වාර්තා පළවුනා.

අම්පාර එරගම වානගමුව 10 කොළණියේ ජුම්මා පල්ලියේ ආගමික සංවිධානයක් මගින් මෙම දානය ලබා දීමට කටයුතු සුදානම් කර තිබුණේ පසුගිය 5වනදා දහවල් කාලයේ සිටයි.

එම දානය සඳහා සහල් මෙන්ම ගවයින් 7 දෙනෙකුද රැගෙනවිත් ඇත්තේ මස් පිණිසයි.

කෙසේ නමුත් මේ වන විට වාර්තා වන්නේ ඔවුන් රැගෙන ආ ගවයින් මරා ඇත්තේ නියමිත ක්‍රමවේදයට නොවන බවයි.

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්‌ෂකවරයාගේ නිර්දේශය මෙම ගවයින් මරා දැමීමට ලැබී නොමැති බවත් වාර්තා වන අතර 05 වැනිදා සවස්‌ යාමයේ සහ රාත්‍රියේත් මෙම ස්‌ථානයෙන් දානය රැගෙන ගොස්‌ තිබූ පිරිසට වමනය සහ ක්‌ලාන්තය, බඩ එළිය යැම වැනි රෝග ලක්‌ෂණ මතුවීම නිසා එරගම සහ අක්‌කරපත්තුව ඇතුළු රෝහල්වලට විශාල වශයෙන් රෝගීන් ඇතුලත් වී තිබෙනවා.

06 වැනිදා සවස වන විට එරගම රෝහලට රෝගීන් 400 කට ආසන්න ප්‍රමාණයක්‌ ප්‍රතිකාර සඳහා පැමිණ තිබූ අතර ඒ අවට රෝහල්වල ද තවත් පිරිසක්‌ ප්‍රතිකාර ගැනීමට පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

කුඩා දරුවෝ, ගැබිනි මවුවරු වයසක පිරිස්‌ මෙලෙසින් ප්‍රතිකාර ලබාගන්නට පැමිණි අය අතර සිටි බවට වාර්තා වන අතර දානය සදහා සැකසූ ආහාරවල කොටස්‌ 06 වැනිදා රාත්‍රියේම පරික්‌ෂා කිරීම සඳහා රස පරීක්‌ෂකවරයා වෙත යවා තිබෙනවා.

මෙම ආහාර විෂ වීම නිසා දහසකට අධික පිරිසක්‌ රෝගීව ප්‍රතිකාර ගෙන ඇති අතර ඉන් 900 කට අධික පිරිසක්‌ මෙම ප්‍රදේශයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබාගනිමින් සිටි බව සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site