Home News Breaking ගම්පහ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක්

ගම්පහ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක්

361 views
SHARE

ගම්පහ – කටුගස්තර ප්‍රදේශයේදී පුද්ගලයින් පිරිසකට වෙඩි තබා පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ අයෙකු ප්‍රතිකාර සදහා ඊයේ දහවල් ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.

ගම්පහ පොලීිසිය සදහන් කළේ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙකු වූ ඔස්මන් ගුණසේකර ගමන් ගත් ජිප් රථයට මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.

කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් ඔහුට හානියක් සිදුවී නොමැති අතර තුවාල සිදුව ඇත්තේ පිටුපස අසුනේ ගමන් කළ ඔහුගේ සහායකයාටයි.

වෙඩි තැබිම සඳහා සුදු පැහැති මෝටර් රථයකින් පුද්ගලයන් 4 දෙනෙකු පැමිණි බවට අනාවරණ වී තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site