Home News Breaking ජාත්‍යන්තර තරගයකට යන්න මුදල් සොයන්නේ හිස් බෝතල් එකතු කරලා

ජාත්‍යන්තර තරගයකට යන්න මුදල් සොයන්නේ හිස් බෝතල් එකතු කරලා

229 views
SHARE

බර ඉසිලීමේ ජාත්‍යන්තර තරගයකට සහභාගී වන ක්‍රීඩිකාවකට මුදල් සොයා ගැනීම වෙනුවෙන් හිස් බෝතල් එක් රැස් කර අලෙවි කරන යෞවන සමාජයක් පිළිබඳ වැලිකන්ද සෙවනපිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මැලේසියාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් බර ඉසිලීමේ තරගයකදී අයි පී ලක්ෂිකා මදුමාලී වන ඇය ලෝකඩ පදක්කමක් හිමිකරගෙන තිබෙනවා.

කෙසේවෙතත් ආර්ථික අපහසුතා හේතුවෙන් ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර තරග කිහිපයකට සහභාගී වීමේ අවස්ථාවට බාධා මතුවී ඇතැයි සඳහන්.

ඒ පිළිබඳ අවධානය යොමු කළ සෙවනපිටිය යෞවන සමාජයේ සාමාජික සාමාජිකාවන් එක්වී පසුගිය ඉරිදා නගරයේ ඉවත දමා තිබු බෝතල් 5000 ක් පමණ එක් රැස් කර අලෙවි කර එම මුදල් මෙම ක්‍රීඩිකාවට ලබාදී තිබෙනවා.

ඩෙංගු මර්දන ව්‍යාපෘතියට සමගාමීව මෙය ක්‍රියාවට නංවා ඇති බවයි වාර්තා වන්නේ.

ජාතික පාසැල් බර ඉසිලීමේ තරගාවලි වලදී අඛණ්ඩව වසර 3 ක් රන් පදක්කම් හිමිකරගෙන ඇති ඇය බර ඉසිලීම පුහුණු වී ඇත්තේ කාය වර්ධන උපකරණ කට්ටලයක් උපයෝගී කර ගනිමින්.

ඉදිරියේදීත් අවශ්‍ය මුදල් සොයා ගැනීම වෙනුවෙන් මෙලෙස කටයුතු කිරීමට ඔවුන් එකගවී තිබෙනවා.

අයි පී ලක්ෂිකා සඳහන් කළේ 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම තම මුලික අපේක්ෂාව බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site