Home News Breaking වෛද්‍ය පෙම් යුවළක් ජාතික රෝහලේ වතුර ටැංකිය උඩට ගියේ ඇයි ?

වෛද්‍ය පෙම් යුවළක් ජාතික රෝහලේ වතුර ටැංකිය උඩට ගියේ ඇයි ?

1,061 views
SHARE

වෛද්‍ය පෙම් යුවළක් කොළඹ ජාතික රෝහලේ පිහිටි ජල ටැංකිය මතට නැඟීමට ගොස් මරදාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රෝහලේ ආරක්ෂක නිලධාරීන් කරන ලද පැමිණිලකට අනුවයි මෙලෙස ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

ඊයේ(08) රාත්‍රී 11ට පමණ අඩි 100ක් උස මෙම ජල ටැංකිය මතට නැඟීමට ගිය 31ක් හැවිරිදි වෛද්‍යවරයා නුගේගෙඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර සහ 29 හැවිරිදි වෛද්‍යවරිය කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි කාරියක් වන බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් පොලිසිය කරන ලද ප්‍රශ්නවලදී පවසා ඇත්තේ තමන් දෙදෙනා තුළ ඇතිවූ අශාවක් මත එම ජල ටැංකිය මත නැගුණු බවයි.

කෙසේවෙතත් දැඩි ආරක්ෂක රැකවල් මැද ඇති මෙම ජල ටැංකිය මතට ඔවුන් නැගීමට සැබෑ හේතුව පිළිබඳව මරදාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බවයි වාර්තා වන්නේ.

ඔවුන් දෙදෙනා පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site