Home News Breaking පොකට් වලට විදින කෙල්ලෝ රංචුවක් කොළඹට – පොලීසිය අනතුරු අඟවයි

පොකට් වලට විදින කෙල්ලෝ රංචුවක් කොළඹට – පොලීසිය අනතුරු අඟවයි

523 views
SHARE

අලුත් අවුරුදු සමයේ කොළඹට පැමිණෙන මගීන්ගේ මුදල් පසුම්බි, රන් මාල කොල්ලකෑම සඳහා හලාවත – පුත්තලම යන ප්‍රදේශවලින් තරුණියන් 20ක පමණ කල්ලියක් පැමිණ ඇති බැවින් ඔවුන්ගෙන් ආරක්ෂා වන්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තැනින් තැන කූඩාරම් ගසාගෙන, රට පුරා සැරිසරන එක්තරා ජන කොට්ඨාසයකට අයත් මේ තරුණියන් කොළඹ වෙසෙන සල්ලිකාර කාන්තාවන් මෙන් ඇඳුම් ආයිත්තම්වලින් සැරසී බස්රථවල හා මිනිසුන් ගැවසෙන ස්ථානවල ගමන් කරමින් මේ කොල්ලකෑමේ යෙදෙන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

සමහර තරුණියන් කුඩා දරුවන්ද වඩාගෙන මුදල් පසුම්බි සොරකම් කිරීමේ ක්‍රියාවලියේ නිරත වන බවටද පොලිසියට තොරතුරු ලැබී තිබෙන බව සඳහන්.

පිරිමි පුද්ගලයන්ට කුලුපග වෙමින් ඇතැම් තරුණියන් ඔවුන්ව පාළු ස්ථානවලට රැගෙන ගොස් ඔවුන්ගේ වටිනා භාණ්ඩ සොරකම් කිරීමේ කටයුතුද සිදු කරන බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

මේ කල්ලිය පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු කොළඹ පිහිටි සියලු පොලිස් ස්ථාන දැඩි අවධානයකින් සිටින අතර පොලිස් කොස්තාපල්වරියකගේ සහ හිටපු රජයේ සේවකයකුගේ මුදල් පසුම්බි සොරකම් කිරීමේ සිද්ධියට මෙම කල්ලියේ දෙදෙනකු ඉකුත්දා බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site