Home Colaba Makka අයවැය අස්සේ “රවී” පෙන්නපු සුපර් මුන්

අයවැය අස්සේ “රවී” පෙන්නපු සුපර් මුන්

364 views
SHARE

මේ දවස්ටිකේ මැක්කා සද්දේ වහාගෙන අවයව ටික උඩ දාගෙන අඬු පඬු හොලෝ හොලෝ  බලන් හිටියේ අයවැය  එනකන්..

ඒකෙන් හරි මේ රටේ අසරණ මිනිස්සුන්ට  සහනයක් ලැබෙයි කියලා මැක්කට පොඩි මැකී  බලාපොරොත්තුවක් තිබ්බා…

ඒ මොකද දන්නවද  පහුගිය ටිකේ රවී මාමා හරියට කන්නේවත් බොන්නේවත්  නැතිව බජට් එක වෙනුවෙන් ඒහෙට මෙහෙට දුව දුව  කොච්චරනම් මැරුණද අෆ්ෆා ජනතා වාදී අයවැයක් ගෙන්න.

අනේමන්දා හරියට A /L  ගොඩ දාන්න මහන්සි වෙන කොල්ලෙක් වගේ තමයි රවී මාමාත්  අයවැය ගොඩ දාන්න  කරුණු හොය හොයා  එක එක්කෙනා පස්සේ දිව්වේ.
ජනතාවාදී කියලා හත් ඉලව්වේ මෙහෙමත් මැරෙන්න ඕනෙද…?කියලා මේ මැක්කට වෙලාවකට හිතුනා…

ඇත්තටම මැකී හිතට පහුගිය කාලේ  රවී මාමා  ගැන පොඩි  දුකකුත් ඇතිවුනා  කිහන්කෝ….

කොහොම උනත් රවී මාමාගේ අයවැයට හඳ මාමාත් ෆුල් බකප් එකක් දෙන්න තමයි ට්‍රයි කලේ.ඒ  සුපර් මුන් කන්සෙප්ට් එකෙන්.

මේක කලින්ම දැනගත්ත රවිමාමා හඳ මාමා  කරන්න යන වැඩේ ගැන ෆුල් පබ්ලිසිට්ට්යක් දීලා අසරණ  ජනතාවට සුපර් මුන් බලන්න යොමු කෙරෙව්වා.

කොහොමෙන් කොහොමෙන් හරි ජනතාව  උඩ බලද්දී  තමයි රවී මාමාත් කලින් අය කලාවගේම ජනතාවගේ පැතුම් බිද දමම්න් අයවැයට කලින්ම  අධි සුපොකබෝගී  කාර්  එකක් ගෙන්න ගත්තේ. ඒ ඉතින්  තමනේගේ සුක විහරණය උදෙසා…

ඒ විදිහට රවිට සුපර් මුන් පයාද්දී අසරණ මිනිස්සුන්ට අයවැයෙන්  කුජ ලැබිලා මිනිස්සුන්ගේ පැතුම්  කුජිත කළා…. මේකට මල පැන්න හඳ මාමා ජනතා වාදී  සුපර් මුන් කන්සෙප්ට් එකෙන් ඉවත් වුනාදෝ කියලා නම් මැක්කට සැකයි අෆ්ෆා…

කොහොම උනත් මෙදා පොටෙත් අයවැය විජ්ජාවක් කරලා මිනිස්සු මුලා කළා කියලා තමයි මැක්කට හිතෙන්නේ. කොහොම උනත් රට හදන්න ඕනා තැනට ගිගින් ඉන්න අය ඒ අය හැදෙනවා මිසක් රටක්නම් හදන පාටක්නම් මේ මැක්කට පෙන්නේ නැහැ ඕන්…

සැප විදින හොරකන් කරන මන්ත්‍රීලා සෙට් එකට සැප වාහන කුලියට ගන්න ලක්ෂ ගණන් වෙන්කර ගන්නවා කිසිම හිරිකිතයක් නැතිව.
දුක් විදින අසරණ ජනතාවට ගහනවා බදු නැගිටින්න  බැරිවෙන්න. මෙන්න මේකද ජනතා වාදී කියලා කියන්නේ කියලා මැක්කා ඔලුව කහා කහා කල්පනා කළා. එත් තවම තේරුනේ නැහැ කිහන්කෝ…..

හරියට අසරණ  මිනිස්සු වගෙම තමයි අපිත්…..  මන්ත්‍රීලා කියන කරන දේවල් තේරුම් ගන්න ඉතින් මැකි අපිටත් ටිකක් අමාරුයි තමයි.

අනේ මන්දා මේ මන්ත්‍රී උන්නැහේලා හරියට ඉගනගෙන නැහැයි කිව්වට හොදට නුල් සූත්තර දාන්නනම් දන්නවා නියෙමෙටම. මන් හිතන්නේ ඒවා ජන්මෙන්ම ගෙනෙන මොලේ වෙන්න ඇති…

රටක් හදන්න මොලේ නැති උනත් තමන් හැදෙන්න හරි මොලේ තියෙනවනේ කියලා පොඩ්ඩක් සතුටුවෙන්න පුළුවන්, මේ රටේ ඉන්න අපේ ඡන්ද දායකයින්ට ඕන් ….

අනේ මැකී අම්මා පා ආයෙනම් මැක්කෙක් වෙලාවත් මේ පිං බිමේ ඉපදෙන්න එපා කියලා තමයි මේ මැක්කා ප්‍රාර්ථනා කරන්නේ