Home News Business ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් කල වාහන ලංකාවේ වෙළද පොළටද?

ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් කල වාහන ලංකාවේ වෙළද පොළටද?

696 views
SHARE

BSIII වායුවිමෝචන පරිසාධන මට්ටමේ පවතින මෝටර් රථ අලෙවිය 2017 අප්‍රේල් 01 දින සිට තහනම් කරමින් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා දෙන ලද නියෝගයත් සමඟම ඉන්දියාවේ මෝටර් රථ නිෂ්පාදන සමාගම් රැසක් බරපතළ ගැටළුවකට මුහුණ පා තිබෙනවා.

එහිදී දැනට නිෂ්පාදනයකර ප්‍රදර්ශනාගාර මට්ටමේ පවතින වාහන ගණනාවක් ඉන්දියාව තුළ අලෙවි කිරීමේ හැකියාව, මෙම අධිකරණ නියෝගය හේතුවෙන් වාරණයට ලක්ව තිබෙනවා.

මෙම නියෝගය සම්බන්ධයෙන් ඉන්දියානු මාධ්‍ය වැඩිදුරටත් කියා සිටින්නේ මෙම මෝටර් රථ ඉන්දියාව තුළ අලෙවිය තහනම් වුවද, ඒවා අපනයනය සඳහා කිසිදු තහනමක් නොමැති බවයි.

ඒ සියල්ල එසේ වුවද 2016 වසර තුළ දී ශ්‍රී ලංකාවට අපනයන කර ඇති ඉන්දියානු වාහනවල වටිනාකමෙහි 92% ක වර්ධනයක් සිදුව ඇති බවත් ඉන්දීය මෝටර් රථ අපනයන වෙළෙඳපොළවලින් වේගයෙන් වර්ධනය වූ හොඳම වෙළෙඳපොළ 5 අතරට ශ්‍රී ලංකාව එක්ව තිබීම විශේෂත්වයක්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site