Home News Politics දිනේෂ් එක්ක ඒකාබද්ධයේ 03 ජනපති හමුවෙයි, ශ්‍රී.ල.නි.පයේ සහ එ.ජා.පයේ මැති ඇමැතිවරුන් අපහසුතාවයක

දිනේෂ් එක්ක ඒකාබද්ධයේ 03 ජනපති හමුවෙයි, ශ්‍රී.ල.නි.පයේ සහ එ.ජා.පයේ මැති ඇමැතිවරුන් අපහසුතාවයක

1,132 views
SHARE

ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන ඇතුළු තවත් මන්ත්‍රිවරුන් දෙදෙනකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග ඉකුත් 7 වැනිදා සවස විශේෂ රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තාවනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජනාධිපතිවරයාගේ නිල කාමරයේදී පැවැති මෙම සාකච්ඡාවේදි මන්ත්‍රීවරුන් කල නවරණයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය අවධාණය යොමුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් වහාම සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපතිවරයා මෙහිදී ඔවුන්ට පවසා තිබෙනවා.

විධ්‍යගත අරමුදලින් ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා ලබාදී ඇති මුදල් වැය කිරීම් කලින් ලබාදී ඇති සැලසුම් හා නිර්දේශ වලට පටහැනිව වෙනස් කිරීම් කරමින් කටයුතු කිරීම හේතුවෙන් අවුල්සහගත තත්ත්වයක් ඇති වී තිබෙන බවට මන්ත්‍රීවරයා ඇතුලු පිරිස ජනාධිපතිවරයාට පෙන්වාදී තිබෙනවා.

විනාඩි විස්සක් පමණ පැවැති එම සාකච්ඡාව හේතුවෙන් ජනාධිපතිවරයා හමුවීමට පැමිණි ශ්‍රී.ල.නි.පයේ සහ එ.ජා.පයේ මැති ඇමැතිවරුන් පිරිසකට එම සාකච්ඡාව අවසන් වන තෙක් ජනාධිපති නිල කාමරය අසල රැඳී සිටින්නට සිදු වූ බවද වාර්තාවනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site