Home News Breaking බණ්ඩාරවෙල සති පොළ උණුසුම් වෙයි

බණ්ඩාරවෙල සති පොළ උණුසුම් වෙයි

318 views
SHARE

බණ්ඩාරවෙල සතිපොළ අවට පදික වෙළෙඳුන්ගෙන් නීතිවිරෝධී ලෙස බදු මුදල් අය කළ බවට කියන සිද්ධියක් හේතුවෙන් අද එහි උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

අදාළ සිද්ධිය පිළිබඳ සොයා බැලීමට බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි එම ස්ථානයට පැමිණියේ පොලිස් නිලධාරීන්ද සමගයි.

මන්ත්‍රීවරයා පවසන්නේ පොළ භූමියෙන් පිටත පදික වෙළෙඳන්ගෙන් බදු අය කිරීමට පොළ බදුකරුට අයිතියක් නොමැති වුවත් ඔහු බලපත්‍ර කොන්දේසි පවා උල්ලංඝණය කරමින් බදු අය කරන බවයි.

අනතුරුව මන්ත්‍රීවරයා එම ස්ථානයට පොළ බදුකරුද කැඳවනු ලැබුවා.

මන්ත්‍රීවරයා පොළ භූමියෙන් පිටව ගියේ නැවත මෙවැනි සිද්ධියක් වුවහොත් මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට පොලිසියට ද සඳහන් කරමින්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site