Home News Breaking උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමට පැවැති තරඟ විභාගය ගැටළු සහගතයි

උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමට පැවැති තරඟ විභාගය ගැටළු සහගතයි

194 views
SHARE

ඌව පළාතේ උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම සඳහා ඊයේ පැවැති තරඟ විභාගය ගැටළු සහගත බවට විභාගයට පෙනී සිටි අපේක්ෂකයින් චෝදනා කරනවා.

තමන්ට පෙර දැනුම් දී තිබුණේ විභාගය සඳහා බහුවර්ණ ප්‍රශ්න ලබාදෙන බවයි.

කෙසේ වෙතත්, ඊයේ පැවති විභාගයේදී බහුවර්ණ ප්‍රශ්න වෙනුවට රචනා ප්‍රශ්න ඇතුළත් කර තිබීමෙන් තමන් අපහසුතාවයට පත්වූ බවයි විභාගයට පෙනී සිටි අපේක්ෂකයින් කිහිප දෙනෙකු සදහන් කළේ.

මේ අතර, ගුරු සංගම් ද චෝදනා කළේ මෙවර විභාගය ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පවත්වා ඇති බවයි.

විභාග දෙපාර්තමේන්තුව විසින් මෙම විභාගය පැවැත්විය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් ඊයේ පැවැති මෙම විභාගය සම්බන්ධයෙන් ගැටළුවක් පවතින්නේ නම් තමන් වෙත එය ලිඛිතව ඉදිරිපත් කරන ලෙස එහි ප්‍රකාශකයෙකු සදහන් කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site