Home News Breaking හිටපු ජනපතිගේ නිල රථය රාජගිරියේදී හරස් කල පුද්ගලයාගේ පරීක්ෂණ වහාම නතර කරන්න...

හිටපු ජනපතිගේ නිල රථය රාජගිරියේදී හරස් කල පුද්ගලයාගේ පරීක්ෂණ වහාම නතර කරන්න කිවුවේ කවුද?

1,249 views
SHARE

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ සිට නිදහස්‌ චතුරශ්‍රය දක්‌වා සිය නිල රථයෙන් ගමන් කරමින් සිටියදී

රාජගිරිය ප්‍රදේශයේදී මෝටර් රථයක්‌ ඔහුගේ නිල රථය හරස්‌ කරමින් ධාවනය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා වැලිකඩ පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකළ පොලිසිය එම මෝටර් රථය අත්අඩංගුවට ගෙන තිබෙන අතර සිදු කරන පරීක්ෂණ වහාම නතර කරන ලෙසට හිටපු ජනාධිපතිවරයා පොලිසියෙන් මේ වනවිට ඉල්ලීමක් කර තිබෙන නිසා එය පැදවූ වෛද්‍ය ශිෂ්‍යයාට අවවාද කර මුදාහැර තිබෙනවා.

එම මෝටර් රථයේ රියදුරු චීනයේ වෛද්‍ය පීඨයක ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික ශිෂ්‍යයකු බවත් ඔහු වැරදි චේතනාවෙන් රිය පදවා නැති බවත් පොලිස්‌ පරීක්‍ෂණ මගින් හෙළිවී ඇති නිසා තවදුරටත් ඒ පිළිබඳ පරීක්‍ෂණ අවශ්‍ය නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පවසා තිබෙනවා.

මේ සිදුවීම සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදීද කරුණු පැහැදිලි කිරීමක් කල අතරම පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට ජිවීත තර්ජන ඇති බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site