Home News Business ඈවරයි…. දෑවරයි…. තුන් ඈවරයි…ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න තීන්දුයි

ඈවරයි…. දෑවරයි…. තුන් ඈවරයි…ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න තීන්දුයි

353 views
SHARE

අනූනව අවුරුද්දකට ඉන්දියාවට බදු ගිවිසුමක් මගින් ලබාදී තිබූ ත්‍රිකුණාමලය ගබඩා සංකීර්ණයේ තෙල් ටැංකිවලින් 10 ක් ශ්‍රි ලංකාවටත් තෙල් ටැංකි 14 ක් ඉන්දියාවටත් ලබා දීම සදහා මූලික එකගතාවයකට පැමිණ ඇති බව ඛණිජ තෙල් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉන්දියාව සතුව පැවති තෙල් ටැංකි 73 ක් ඛණිජ තෙල් සංස්ථාව සහ ඉන්දියාව සමග 50% පදනම යටතේ ඒකාබද්ධ සමාගමක් යටතේ සංවර්ධන කටයුතු සිදු කිරීම සදහා ගිවිසුම් ගත වීමේ එකගතාවයකට පැමිණ ඇති බවත් මේ හරහා රටේ කිසිදු ඛණිජ තෙල් හිගයක් ඇති නොවන බවත් අමාත්‍යවරයා කියා සිටියා.

පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙන බවත් ත්‍රිකුණාමලය තෙල් ටැංකි කිහිපයක්ම ඉන්දිය තෙල් සමාගම වෙත නියත වශයෙන්ම පවරා දෙන බවටත් අගමැතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රිලනිපයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම මීට එරෙහිව දැඩි ලෙස අදහස් ප්‍රකාශ කලද අගමැතිවරයා මේ වන විටත් තෙල් ටැංකි ඉන්දියාවට පවරා දීමට තීන්දු කර අවසන් බවත් කවුරු විරුද්ධ වූවත් ඉන්දියාවට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ලබාදිය යුතු යෑයි අගමැති රනිල් වික්‍රමසිංහ එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

වත්මන් රජයේ විදේශ ප්‍රතිපත්ති අනුව ඉන්දියාවත්, චීනයත්, ඇමරිකාවත් මිත්‍රයන් ලෙස තබාගත යුතු අතර විශේෂයෙන්ම එළැඹෙන ජාතික වෙසක්‌ උත්සවයට සහභාගි වීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැමිණෙන මොහොතක ඉන්දියාව සමග ගැටුමක්‌ ඇතිකර ගැනීම සුදුසු නැතැයිද මෙහිදී අගමැතිවරයා කැබිනට්‌ මණ්‌ඩලයට පෙන්වා දී තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site