Home News Breaking ජනපති පිහිටවුයේ එජාපය කියලා තනි අයිතියක් ගන්න බැහැ

ජනපති පිහිටවුයේ එජාපය කියලා තනි අයිතියක් ගන්න බැහැ

1,354 views
SHARE

මෙරට දේශපාලනේ වෙනසක් ඇති කිරීමට මැදිහත් වූ අයගෙන් වෙනස සැපයි ද ? එහෙමත් නැත්නම් ඔබට සතුටුයි ද දැන් යනුවෙන් අද බොහෝ අය අසන්නේ වෙනසින් සිදු වූ වෙනස සම්බන්දයෙන් විවේචන එල්ල වූ නිසාය.

මෙහිලා වෙනස් ඇති කරලීමේ පුරෝගාමීන් අතර ප්‍රධාන චරිතයකි දුමින්ද දිසානායක අමාත්‍යවරයා. ඔහු වත්මනයේ කෘෂිකර්ම ඇමතිවරයා මෙන්ම ශ්‍රීලනිපයේ ලේකම් වරයා යි .
කෝච්චියක පීලි දෙකක් මෙන් දුවපු පක්ෂ දෙකක් කොතැනදී එක් වේවිද කියන කාරණය පිලිබදව C News කථා බහ කළේ මේ අයුරිනි.
ඇමතිතුමා, 2017 සිංහල,දමිල අළුත් අවුරුද්දත් ඇවිල්ලා නේද ?

ඔව් හැමෝටම මේ වසර සුභම සුභ වෙන්න පාර්ථනා කරනවා

මොකද්ද ඇමතිතුමා මේ අර්බුදය ?

කිසිම අර්බුදයක් නැහැ.

කොච්චර නැහැ කියලා පෙන්නන්න හැදුවත් ජාතික කෝච්චිය යන්නේ පිලි දෙකක නේද ?

මෙහෙමනේ රටේ ප්‍රධාන පක්ෂ දෙක විදියට කොහොමත් එදා ඉදලා තිබ්බේ ප්‍රතිපත්ති දෙකක්.ඒ ප්‍රතිපත්ති දෙකේ පරස්පරතා තියෙනවා . එහෙම දෙකක් එකට එකතු වුණාම ඉතිං යම් යම් මතවාද වගේම අදහස් මතු වෙනවා . ජාතික අන්ඩුවේදී බලන්නේ මේ මත දෙක මධ්‍යස්ත තැනකට ගෙන්න . මෙතැනදී සමහර කාරණාවලට මතවාද ඇති වුනාට ජාතික ආණ්ඩුව කරගෙන යන්න භාදාවක් කොහෙත්ම නැහැ .

ඒ වුණාට එජාපය කියන්නේ ඔබතුමාලා කකුලෙන් අදිනවා කියලා නේද ?

මම දන්නේ නැහැ ඔහොම කවුද කියන්නේ කියලා . කියන කෙනාව දන්නේ නැතුව මොකද්ද කාරණය කියලා හොයා ගන්න බැහැ

ළගම උදාහරණය තමයි ව්‍යවස්ථාව එක්ක නැගිලා තියෙන පරස්පරය ?

ව්‍යවස්ථා සශෝදනය , මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම , බලය බෙදීම කියන කාරණා ජන්දෙ දි ලබා දුන් ප්‍රධාන පොරොන්දු . ඒවා ඉටු කිරීම පක්ෂ දෙකේම වගකීමක් .

ව්‍යවස්ථාව සම්බන්දයෙන් ශ්‍රීලනිපය කල් මරනවා කියල යි යුඑන්පි ය කියන්නේ ?

ඒක පුද්ගලික මත වාදයක් වෙන්න පුළුවන් නමුත් ඉතාමත් පැහැදිලිව අපේ මතය කියලා තියෙනවා . පාර්ලිමේන්තු මැතිවරණය අසන ක්‍රමයට ද , ප්‍රාදේශීය සභා අලුත් ක්‍රමයට යා යුතුයි ද , පළාත් සභා ක්‍රමය ඊට අනුව අනුගත විය යුතුයි ද කියන කාරණා වේ අපි ඉන්නවා. මේ නිසා අපි ව්‍යවස්ථා සංශෝදනයට විරුද්ධයි කියන එක අමුලික බොරුවක්

බලය බෙදිම කියන කාරණයේදී මොකක්ද ස්ථාවරය ?

දමිළ ජනතාවට සහන දීම වගේම අපි පොරොන්දු වූ පරිදි ඔවුන්ට සැක දුරු කර ගෙන වැඩ කටයුතු කරගෙන යාමට අවශ්‍ය පරිසරයක් ලබා දිය යුතුයි . ආණ්ඩුව කරන වැඩ වලදී උතුරේ තියෙන දේශපාලන අධිකාරිය තමයි බොහෝ වේලට දැන් විරුද්ධ වෙන්නේ. බලය බෙදීම කියන කරනයේදීත් එයාලගේ කල්කිරියාව තමයි මේවාට බාධාවක් වෙලා තියෙන්නේ .

එතකොට ජනමත විචාරණය සම්බන්දයෙන් පක්ෂ දෙකේ මත දෙකක් නේද ?

මෙතැනදී තමයි අපි කියුවේ ජනමත විචාරණයකට තුඩු නොදෙන කාරණාවන් වලට අපි යා යුතුයි කියලා. ව්‍යවස්ථාව හදලා අනුමත කරලා ව්‍යවස්ථාව පිලිබදව එකගතාවයකට ඇවිල්ලා තමයි ජනමත විචාරනයකින් ද , ජනමත විචාරණයක් නොමැතිව කරන්න පුළුවන් දේවල් මොනාද කියලා තීරණය කල යුතු වන්නේ. ව්‍යවස්ථාව හරියට හදන්නේ නැතුව ඒවගේම ඒ පිලිබදව පක්ෂ අතර කිසිම එකග තාවයක් නැතුව කොහෙවත් නැති ජනමත විචාරණයක් ඉස්සරහට අරගෙන ඉන්න එක තේරුමක් නැති වැඩක්.

ඇමතිතුමා ජාතික ආණ්ඩුව කවුරුන් පිහිටවූ ආණ්ඩුවක්ද ?

මේක යුඑන්පි වත් ශ්‍රීලනිප ය පිහිටටවූ ආණ්ඩුවක් නෙමෙයි. මේක ජනතාව ලබා දුන් බහුතර මතය ඒ ජනතා කැමැත්ත ලැබුණේ ජනාධිපතිතුමාට

එජාපය කියන්නේ ජනාධිපතිවරයා පිහිටවූයේ ඔවුන් කියලා නේද ?

ජනාධිපති පිහිටවුයේ එජාපය කියලා ඔවුන්ට තනි අයිතියක් ගන්න බැහැනේ. මොකද මේකට ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයොත් මැදිහත් වුණා . අපි ආවේ එජාපයෙන් නෙමෙයි නේ . අපි ජනාධිපතිවරයා පොදු අපේක්ෂයා බවට පත් කලාට අපි අපේ පාටවත් , අපේ කමිසයක්වත් ගලවලා වෙනස් කරලා නැහැ.
ජනාධිපති ශ්‍රීලනිපයේ සම්භවයක් එක්ක ආපු කෙනෙක් . ඒ වගේම පක්ෂේ මහ ලේකම්. ඔහු ඒ මුල් එක්ක තමයි හිට ගන්නේ. පාර්ලිමේන්තු මැතිවරයේදී පවා පක්ෂ දෙකටම තනි ආණ්ඩුවක් හදන්න බලයක් ලැබුනේ නැහැ . ඒ පදනම මතයි එජාපය සහ ශ්‍රීලනිපය එකතු වෙලා ආණ්ඩු කරන්නේ .දැන් කොහොමද කියන්නේ මේක එජාප ආණ්ඩුවක් කියලා හෝ ශ්‍රීලනිපයේ ආණ්ඩුවක් කියලා . එජාපයේ සියල්ලෝම මේ රජයේ පාර්ශව කාරයෝ නමුත් ශ්‍රීලනිපයේ ඇති අභ්‍යන්තර අර්භුදයක් නිසා අපේ බාගයක් ස්වාධීන වෙලා ඉන්නවා. ඔළු ගෙඩි අනුව කියන්න බැහැ අපේ ආණ්ඩුවක් කියලා. මෙතන තියෙන්නේ ප්‍රතිපත්තිමය තීන්දුවක්.

ඉදිරි වසර තුන සදහා ජාතික සංයෝගය සුසංයෝගයක් වෙනවද විසන්කොෂණයක් වෙනවද ?

මම නම් යෝජනා කරන්නේ අපි ඉදිරියට යා යුතුයි . නමුත් වසර දෙකක් ගිහිල්ලත් ජනතා ජයග්‍රහණ වලට විසදුම් හොයන්න බැරි වුනා නම් ඉදිරියේදී ඇති කර ගන්නා අවබෝධතා ගිවිසුම් තුල දී ඉලක්ක සහගත ගමනක් හදා ගත යුතුයි.

එවන් සලසුම්හි වැඩ කටයුතු අද කොතන ද ?

ඉදිරියේදී සාකච්චා ආරම්භ කරනවා.

ඔබ පැවසුවා ඒකාබද්ද විපක්ෂයේ මැයි දින රැළිය අභියෝයක් නෙමෙයි කියලා . එත් ඔවුන් කියන්නේ නියම ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයා කවුද කියලා එදාට බලා ගන්න පුළුවන් කියලා ?

ගිය අවුරුද්දෙදිත් මැයි දින රැලිය කලානේ. නියම ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයෝ අවේ අපේ එකට . කවුරු හරි ඒකාබද්ද විපක්ෂය එක්ක ඉන්නවනම් ඉන්නේ මහින්ද මහත්තයාගේ තවම තියෙන ජනප්‍රියතාවයට. පහුගිය කාලෙදිත් එක එක පා ගමන් එහෙමත් කළානේ . මෙයාලා හිතුවෙත් නැහැ මෙයාලට ගෝල් ෆේස් එක ලැබෙයි කියලා . තමන්ගේ පැවැත්මට එක එක කථා කියනවා . දැන් කියනවා අරලිය ගහ මන්දිරය වටලනවා ලු . අනේ අපි ඕවා නවත්වන්නේ නැහැ.ලක්ෂ ගණන් දාන්න පුළුවන් කියලා කිවුවට අපි දන්නවනේ ඔතනට දාන්න පුළුවන් ගාන කියාද කියලා. ඕව විහිලු කතා .

සිංහල දමිළ අළුත් අවුරුද්දෙදි වත් තරහ මරහා අයින් කරලා එකතු වෙන්න කැමැත්තක් නැත්ද ?

අපේ කිසිම තරහ මරහක් නැහැ. පුද්ගලික දේවල් නැහැ .අපි කතා කරන්නේ ප්‍රතිපත්තිමය කාරණා ටිකක් ගැන. පොදුවේ ජනතාව ගැන හිතලා රටක් විදියට ඉදිරියට යනවද නැත්නම් පක්ෂයක් විදියට යනවාද කියලා එයාලා හිතන්න ඕන

අවුරුදු කන එක ලේසි නැහෙන ඇමතිතුමා මේ බඩු මිල එක්ක ?

බඩු මිල කියන එක හැමදාම වැඩි වූ එකක්. අයවැයක් එනකොට බදු අඩු කරලා ඒක ජනප්‍රිය අයවැයක් බවට පත් කර ගන්න සංස්කෘතියක් අපේ රටේ තියෙන්නේ . ඉඩම් මිල වැඩි වෙනව නම්, පඩියත් හැමදාම වැඩි කරන්න ඉල්ලනවා නම්, නිෂ්පාදන වියදම් ගොවියාගේ පැත්නෙන් එන්න එන්නම වැඩි වෙනව නම් භාණ්ඩ මිල අඩු කරන්න පුළුවන් කමක් තියෙනවද කියන යථාර්තයට අපි මුහුණ දෙන්න ඕන. ආණ්ඩුවට පුළුවන් අතවශ්‍ය භාණ්ඩ වල මිල පාලනයක් කරන්න . එක අපි කලා ඉදිරියටත් ජනතා අවශ්‍ය බදු මිල වෙනුවෙන් යම් පාලනයක් කරනවා

එළවලු ගොවියෝ නම් සියදිවි නසා ගන්නවා කියනවා නේද ?

අවශ්‍ය ප්‍රමාණයට වඩා නිෂ්පාදනය වැඩි වීම නිසා මෙවර ප්‍රශ්න ඇති වුණේ . ගොවින් දැනුවත් කිරගෙන යනවා. විකුනා ගන්න බැරි වෙනකොට අපෙන් ප්‍රශ්න ඇහුවා ට වගා කරන්න කලින් අපෙන් අහන්නේ නැහැ කොහොමද කරන්න ඕන කියලා .ඒ නිසා සැලසුමක් ඇතුව වගා කළ යුතුයි

කැබිනට් සංශෝදනයෙන් වෙන්නේ ඔළු ගෙඩි මාරුවක් පමණක් කියලා ජවිපෙ චෝදනා කරනවා. මේ ගැන ඔබේ අදහස ?

අපේ ඇමැතිතුමාලා තමන්ගේ අමාත්‍යංශ වල වැඩ කරන්න ආරම්භ කරලා තියෙනවා. අලුත් කැබිනට් සංශෝදනයක් එක්ක අලුතෙන් කෙනෙක් පත්වුණා ම තව වසරක් වත් යනවා ඔහුට පරිසරය හදා ගන්න . එතකොට මේ ජාතික ආණ්ඩුව තුල වැඩ කරන්න කාලයක් නැතුව යනවා . ඒ නිසා ප්‍රශ්න අඩුපාඩු හොයල ඒවාට පිළිතුරු සැපයිය යුතුයි

අන්තිමට මේකටත් උත්තරයක් දෙන්න . මේ වසරේ කුමන හෝ ජන්දයක් එනව ද ?

අපි දැඩි ඉල්ලීමක් කරනවා ප්‍රාදේශීය සභා මැතිවරණය හැකි ඉක්මනින් තියන්න කියාලා . පළාත්සභා තුනක් සැත්තබර් වෙනකොට අවසන් වෙනවා ඒවාටත් යා යුතුයි.

සංවාද සටහනඅශ් වරු

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site