Home News Breaking ශ්‍රීලනිප මැයි රැළියට පොලිතින්, අරක්කු නෑ – මහින්ද කියයි

ශ්‍රීලනිප මැයි රැළියට පොලිතින්, අරක්කු නෑ – මහින්ද කියයි

331 views
SHARE

පොලිතින්, ප්ලාස්ටික් හා අරක්කු අනුග්‍රහය නැති මැයි රැළියක් මෙවර මහනුවරදී පවත්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ඇමැති මහින්ද අමරවිර පවසයි.

මැයි රැළියට තමන්ට තරඟයක් නැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ඉතා සාර්ථක මැයි රැළියක් මෙවර මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සූදානම් කර තිබෙන බවත් අමාත්‍යවරයා පැවසී ය.

මැයි රැළියට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයින්ට ද ආරාධනා කර ඇති බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකට වෙලා නැති බවත් ඔහු පවසයි.

“අළුත් පක්ෂ හදනවා.එහෙම හදන්න අයිතිය තියනවා. හැබයි මම දන්න තරමට ඔය අළුත් පක්ෂයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අය තවම සමාජිකත්වය අරගෙන නැහැ.“යැයි ඒ පැවසී ය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site