Home News Breaking රජයේ තීරණ ගැන කළකිරුණු ප්‍රබල ඇමැති මෙන්න

රජයේ තීරණ ගැන කළකිරුණු ප්‍රබල ඇමැති මෙන්න

680 views
SHARE

රජයේ සමහර තීරණ ගැනීමේදී ඇමැතිවරුන්ගේ අදහස් විමසීමක් සිදු නොවන බවත් එහිදී තමන් අසරණ වන බවත් ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ පවසයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර වෙළෙඳාම හා වෙළෙඳ ගිවිසුම් පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ මහජන කොමිසමේ කොළඹදී පැවැති සමුළුවට සහභාගි වෙමිනි.

මෙතෙක් පැවැති කිසිදු රජයක් දේශීය පෞද්ගලික ව්‍යවසායකයන්ට නිසි තැන ලබා නොදුන් බව කනගාටුවෙන් හෝ පැවැසිය යුතු බව ඇමැතිවරයා සඳහන් කළේය.

කන්ත‍ලේ සීනි සමාගම හා බිබි‍ලේ සීනි සමාගම දේශීය ව්‍යාපාරිකයන්ට පවත්වාගෙන යාමේ හැකියාව තිබියදී සිංගප්පූරුවේ සමාගමකට භාර දීමට රජය කටයුතු කර ඇති බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

රටක් ගිවිසුම්වලට එළැඹීමේදී තමන්ගේ කොටස ආරක්ෂා කර ගැනීමට ක්‍රියා කළ යුතු යැයිද හෙතෙම සඳහන් කළේය.

වසර 2005දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 37ක් පැවැති අපනයන ආදායම රුපිය‍ලේ අගය අවප්‍රමාණය වීම ඇතුළු හේතු මත මේ වන විට සියයට 14ක් දක්වා පහළ වැටී ඇතැයිද අපනයන ආදායම ඉහළ නංවා, අනෙකුත් ක්ෂේත්‍ර ශක්තිමත් කොට රට සංවර්ධනය කිරීමට සියලුදෙනාම එක්විය යුතු බවද ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site