Home News Breaking නවීකරණය කිරීමෙන් අනතුරුව විවෘත කෙරුනු ධාවන පථයට චෝදනා

නවීකරණය කිරීමෙන් අනතුරුව විවෘත කෙරුනු ධාවන පථයට චෝදනා

526 views
SHARE

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල ධාවන පථය නවීකරණයෙන් පසු විශාල ප්‍රමාණයේ ගුවන්යානා ඊට ගොඩබැස්සවිමේ ඇති හැකියාව පිළිබඳ පසුගිය දින කිහිපයේදී කාගේත් කතාබහට ලක් වුනා.

විශාල ප්‍රමාණයේ ගුවන්යානා මෙහෙය වීමට නම් E ශ්‍රේණියේ පවතින කටුනායක ධාවන පථය අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානයේ නිර්නායකයන්ට අනුව F ශ්‍රේණියේ ධාවන පථයක් ලෙස උසස් විය යුතු වනවා.

නවීකරණය කිරීමෙන් අනතුරුව පසුගිය 6 වැනිදා විවෘත කෙරුනු ධාවන පථය නවීකරණය කිරීමේදී එහි අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීමක් සිදුනොකළ බව ශ්‍රි ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය චෝදනා කරනවා.

දිගින් මීටර 3350ක් හා පළලින් මීටර 45කින් යුත් කටුනායක ධාවන පථය මුළුමනින්ම ආස්තරණය කිරීම සිදු කෙරුනේ ධාවන පථය අන්තරායකර තත්ත්වයක තිබූ නිසයි.

ආස්තරණ ක්‍රියාවලියේදී ධාවන පථයේ පළල් කිරීමක් සිදුකර නැති අතර නවීකරණ කටයුතු පිළිබද දැනුවත් කිරීම සදහා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසා තිබුනේ ධාවන පථය පළල් කිරීමටද අපේක්ෂා කරන බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site