Home News Politics හැම ආණ්ඩුවක්ම සේවක අර්ථසාධක අරමුදල සමඟ සෙල්ලම් කළා

හැම ආණ්ඩුවක්ම සේවක අර්ථසාධක අරමුදල සමඟ සෙල්ලම් කළා

272 views
SHARE

වැඩකරන ජනතාව දුක් මහන්සියෙන් උපයා ගත් මුදල ආයෝජනය කිරීමේ ප‍්‍රතිලාභ ඔවුන්ට ලැබිය යුතු බව ජවිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

මේ වන විට ආණ්ඩුව සේවක අර්ථ සාධක අරමුදල මත බදු අයකිරීමට සූදානම් වන බවත්, ඒ සඳහා ආණ්ඩුවට කිසිසේත්ම ඉඩ නොදිය යුතු බවත් මන්ත්‍රීවරයා කියා සිටියේ ඊයේ (11) පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීයි.

එහිදී නැඟුණු ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද කියා සිටියා .

සේවක අර්ථසාධක අරමුදල කියන්නේ බිලියන 1350ක අරමුදලක්. ගිණුම් තිබෙනවා 2,475,000ක්. මෙම මුදල් ආණ්ඩුවේ මුදල් නෙවෙයි. පෞද්ගලික අංශයේ සේවය කරන සේවකයින්ගේ හා හාම්පුතුන් විසින් බැර කරන ලද මුදල්. ආණ්ඩුවට මේ සම්බන්ධව ඇති බැඳීම මෙම අරමුදලේ භාරකාරත්වය පමණයි. නමුත් ආණ්ඩුව මුදල් මණ්ඩලයට පති‍්‍රකාවක් ඉදිරිපත් කර ප‍්‍රශ්නගත බැඳුම්කර මිලදී ගැනීමට තීරණය කිිරීමෙන් මෙම අරමුදලට රු. කෝටි 960(බිලියන 9.6ක) පාඩුවක් සිද්ධ වුණා.

සමහර අවස්ථාවල ආණ්ඩු සේවක අර්ථසාධක අරමුදලෙන් කඩා වැටුණු සමාගම්වල කොටස් ගත්තා. මේවායින් විශාල පාඩු අරමුදලට සිද්ධ වුණා. හැම ආණ්ඩුවක්ම සේවක අර්ථසාධක අරමුදල සමඟ සෙල්ලම් කළා. සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජනවලින් 10%ක බද්දක් ලබාගැනීමට ආණ්ඩුවට නීතිමය ප‍්‍රතිපාදන තිබුණා. නමුත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවමේ වෙනකල් එම බද්ද අයකළේ නැහැ. නමුත් රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා මේ වනවිට 14%ක නව බද්දක් යෝජනා කර තිබෙනවා. එමගින් අරමුදල මත 24%ක බද්දක් පැනවේවිද යන්න සැක සහිතයි. මෙය කිසිසේත්ම යුක්තිසහගත නැහැ.

වැඩකරන ජනතාව දුක් මහන්සියෙන් උපයා ගත් මුදල ආයෝජනය කිරීමේ ප‍්‍රතිලාභ ඔවුන්ට ලැබිය යුතුයි. ඉන් ලබන ලාභයටබදු ගැසීමට ආණ්ඩුවට ඉඩ නොදිය යුතුයි. “

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site