Home News Breaking ජොන්ස්‌ටන් ජනපතිට ස්‌තූති කලේ ඇයි ?

ජොන්ස්‌ටන් ජනපතිට ස්‌තූති කලේ ඇයි ?

714 views
SHARE

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ නිකවැරටිය ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කිරීම පිළිබඳව මෛත්‍රීපාල සිරිසේනට ස්‌තූතිවන්ත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්‌ටන් ප්‍රනාන්දු ඊයේ (11 වැනිදා) සඳහන් කළා.

“මාව මේ තනතුරින් ඉවත් කිරීම පිළිබඳව පුදුම වෙන්නේ නැහැ. ඒ වගේම කනගාටුවකුත් නැහැ. මහින්ද රාජපක්‍ෂ සමග ඉඳලා ආප්ප කා ගිය මෛත්‍රීපාල සිරිසේන කරන්නේ එජාපය දිනවීමයි. මෛත්‍රීපාල සිරිසේනගෙන් මීට වඩා දෙයක්‌ බලාපොරොත්තු වෙන්න බැහැ. විශේෂයෙන්ම සතුටු වෙනවා අපි තවදුරටත් මහින්ද රාජපක්‍ෂ සමග සිටින බවට මෛත්‍රීපාල සිරිසේන තේරුම් ගැනීම පිළිබඳව.”යැයි ප්‍රකාශ කරනු ලැබුවා.

“එදත් අදත් අපි ඉන්නේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා සමගයි. මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය වටා සිටින ජනතාවාදී නායකයන් ඉවත් කරමින් සිටිනවා. ඡන්දයක්‌ තිබ්බොත් මේවායෙහි ප්‍රතිඵල බලා ගන්න පුළුවන්. මෛත්‍රීට සහ රනිල්ට කියනවා පුළුවන් නම් ඡන්දයක්‌ තියන්න කියලා. මහ මැතිවරණයෙන් පසු අපි තනතුරු භාර ගත්තේ නැහැ. ඒ නිසයි අපිව හිරකරන්නේ. දේශපාලන වශයෙන් ආත්ම ශක්‌තියක්‌ අපට තිබෙනවා. කොන්ද පණ නැති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අය තනතුරු ගත්තා. අපි තනතුරුවලට නැමෙන්නේ නැහැ.” මන්ත්‍රී ජොන්ස්‌ටන් ප්‍රනාන්දු වැඩි දුරටත් කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site