Home News Breaking ජනපතිගේ ගැසට් නිවේදනයට එරෙහිව නැගිටි සාලි අයිතිවාසිකම් ඉල්ලා සත්‍යග්‍රහට සහය දෙයි

ජනපතිගේ ගැසට් නිවේදනයට එරෙහිව නැගිටි සාලි අයිතිවාසිකම් ඉල්ලා සත්‍යග්‍රහට සහය දෙයි

263 views
SHARE

ජනාධිපතිවරයා විසින් සංරක්‍ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත්කරන ලද විල්පත්තු ජාතික වනෝද්‍යානයට ආසන්න රක්‍ෂිත වනාන්තර සම්බන්ධ ගැසට්‌ නිවේදනය වහා අවලංගු කල යුතු බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි පවසනවා.
විල්පත්තු ජාතික වන උද්‍යානයට උතුරින් පිහිටි රක්ෂිත වනාන්තර 04 ක් එක් සංරක්ෂිත වනාන්තරයක් ලෙස ගැසට් කිරීමට එරෙහිව පවත්වා ගෙන යන සත්‍යග්‍රහයට එක්වී සිටින මුස්ලිම් ජනතාවගේ සුවදුක් විමසීම සදහා අසාද් සාලි මරිච්චකට්ටුවේ සංචාරයක නිරත වුණා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අසාද් සාලි කියා සිටියේ

“අඛණ්ඩව අපේ ජනතාව මෙතන වාඩි වෙලා ඉන්නවා.මේකට විසදුමක් ලැබුණේ නැත්තම් අපිත් ඇවිල්ලා වාඩි වෙනවා.මේ අපේ පෞද්ගලික ඉඩම්.මේවා අරගෙන තියෙනවා.ජනාධිපති කොමිසමකට ගිහිල්ලා හරි කමක් නෑ. අපි සූදානම් ඕනෑම එකකට. මේ NGO කට්ටියකුයි ,බලු ඇන්ටිලා පිරිසකුයි එකතු වෙලා තමයි මේකට විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ. අපේ ඉල්ලීම මොකක්ද ? අපේ හිමි තැන අපිට දෙන්න.
ඇයි මේ ගැසට් කරන්නේ නැත්තේ නාමල්ගම ගැන. මහින්ද රාජපක්ෂගේ පුතාගේ නමින් ගම්මානයක් හදලා හෙක්ටයාර 5,000 ක් අරගෙන හම්බන්තොට පිරිසකුත් එතනට ගෙනල්ලා දාලා එයාලාට ගෙවල් හදලා දීලා, හාබර් එකේ රස්සාව දීලා, බයිසිකල් පවා දුන්නා. අනිත් පැත්තෙන් නාවික හමුදාවට දෙනවා කජු වවන්න. හැබැයි මේ වනාන්තරේ ඔක්කොම කරන්න පුළුවන්. හැබැයි මුස්ලිම් මිනිහාට ජීවත් වෙන්න බෑ. මම අහන්නේ අද මේ සත්තු ආරක්ෂා කරන්න ඕන කියලා පැන පැන දෙන මිනිස්සු ඉස්සල්ලා ජනතාව ජීවත් කරවලා නේද සත්තු ජීවත් කරවන්න ඕන. මේ සත්තුන්ට වඩා අන්ත ලෙවල් එකට ජනතාව මුස්ලිම් ජනතාව පත් කරලා තියනවා. මේ ජනාධිපතිතුමා රටේ ජනාධිපති වෙන්නේ අපේ ඡන්ද වලින්. මෙහෙමද දැන් අපිට සලකන්නේ ? “
මීට අදාළ ගැසට් නිවේදනය අත්සන් කිරීමත් සමගින් ජනාධිපතිවරයාට මුස්ලිම් ජනතාවගෙන් එල්ල වන්නේ දැඩි විරෝධයක්. එම ජනතාව දිගින් දිගටම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මුස්ලිම් ජනතාවට ජීවත් වීමේ අයිතිය තහවුරු කරමින් වහාම අදාළ ගැසට් නිවේදනය අවලංගු කල යුතු බවයි. මුස්ලිම් ජනතාවට එරෙහිව රට තුළ කුමන්ත්‍රණයක් සිදු වෙනවාද යන්න සැක සහිත බවත් සුළු ජාතීන්ගේ ඉල්ලීම් වලට ජනාධිපතිවරයා මීට වඩා සවන් දීම අත්‍යවශ්‍යයි” සත්‍යග්‍රහයේ නිරත මුස්ලිම් ජනතාව සමග අමාත්‍යවරයා කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site