Home News Sports කොලිගේ වාර්තා පොතට එක්වුන අළුත්ම වාර්තාව

කොලිගේ වාර්තා පොතට එක්වුන අළුත්ම වාර්තාව

281 views
SHARE

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග හයිද්‍රාබාද්හි දී අද (10) පැවැත්වෙන ටෙස්ට් තරගයේදී සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ සිව්වන ද්විත්ව ශතකය වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි සමත් වුණා.

පන්දු 246ක දී ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 204ක්. ඒ සදහා එකදු 06 පහරක් හෝ ගසා නැති අතර ඔහු හතරේ පහර 24ක් මෙම ලකුණු සදහා ගසා තිබෙනවා.

මෙම තරගයේ දෙවන දිනය වන අද දිනයේ සිය පළමු ඉණිම ක‍්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුලූ හයක් දැවී ලකුණු 530ක් රැස්කර ගෙන සිටියා.