Home News Sports අවසන් තරඟය අදයි – නායකයා අදහස් දක්වයි

අවසන් තරඟය අදයි – නායකයා අදහස් දක්වයි

237 views
SHARE

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර 05 වන සහ අවසන් එක්දින තරඟය අද (10) පැවැත්වීමට නියමිතයි.

දකුණූ අප්‍රිකාවේ සෙන්චූරියන් හිදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 05ට පමණ තරඟය ආරම්භවීමට නියමිත බව සඳහන්.

එක්දින තරඟාවලියේ  මේ දක්වා පැවැති තරඟ හතරම ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුනා.

කෙසේ වෙතත් අද(10) තරඟය ජය ගැනීම සඳහා උපරිම උත්සහ දරන බව  ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග සඳහන් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේදී ටෙස්ට් තරඟ 03ක් සහ 20යි 20 තරඟ 03ක් පැවැති අතර ඉන් ටෙස්ට් තරඟ 03ම ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුනා.

20 යි 20 තරඟාවලිය දෙකට එකක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුයේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.