Home C Gossip කොස්තාපල්ගේ අවයවය වෙනුවෙන් මදුෂා හඬනගයි

කොස්තාපල්ගේ අවයවය වෙනුවෙන් මදුෂා හඬනගයි

5,612 views
SHARE

පසුගියදා සිය අනියම් බිරිඳ විසින් පොලොන්නරුව, මින්නේරිය පොලිස්‌ ස්‌ථානයට අනුයුක්‌තව සේවයෙහි නියුතු අවිවාහක පොලිස්‌ කොස්‌තාපල්වරයකුගේ රහසඟ තියුණු ආයුධයකින් කපා දැමු පුවතක් අප විසින් වාර්තා කළා.

මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ කොස්‌තාපල්වරයා ප්‍රතිකාර සඳහා හිඟුරක්‌ගොඩ ප්‍රාදේශීය රෝහලට සහ පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර ලබාදීමට පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුනා.

ඒ සිද්දිය සම්බන්ධයෙන් රන්ගන ශිල්පිනී මදුෂා රාමසිංහ සිය මුහුණු පොතේ අපුරු සටහන් දක්වා තිබෙනවා.

එම ෆේස් බුක් සටහන පතින්

අවයවයකට පෙම් බැදි කාම දෙව්දුවක් නොවන්න.. අධ්‍යාත්මයට ඇතුලු වී ඔහු රජ කරන්න.
පොලොන්නරුව කොස්තාපල්ගෙ අවයවේ කපලාලු.
මෙන්න මෙ නිසා තමයි මම කිව්වෙ ඇන්ටිලා ආශ්‍රය කරලා අමාරුවෙ වැටෙන්න එපා කියලා.
එම තරුණයා අවිවාහකයෙක්.. සිද්ධියට සම්බන්ධ කාන්තාව විවාහක කාන්තාවක්. මොහු විවාහක කාන්තාව එක්ක අනියම් සමබදතාවයක් පවත්වන අතරෙ විවාහයට සුදුසු පෙම්වතියක් හොයාගෙන, ඒක ඔහුගෙ ඒ අනියම් බිරිදට අහුවෙලයි මේ සිද්ධියට මුහුණදෙන්න සිද්ධවෙලා තියෙන්නෙ..
මේ කියන සිද්ධියට තරුණියක් හෝ ගෞරවණීය ප්‍රේමයක් කල කාන්තාවක් මුහුණපෑවානම් ඇය ප්‍රශ්ණ දෙකයි ඔබෙන් අහන්නෙ. එයාද ? මමද? ඔබ වෙන තරුණියක් ගැන කීවානම් ඇය අඩයි, ඔබට චෝදනා කරයි. සමහරවිට දුකක් නොපෙන්වා ඔබට සුභ පතා ඔබට සමුදෙයි. එහෙමත් නැත්නම් ඔබ නැතිව ඉන්න බැරිබව පවසයි. නමුත් තරුණියක් කෙදිනකවත් මෙ තත්වෙට පත්වෙන්නෙ නෑ..
මේක හොද ප්‍රවණතාවයක් නෙවෙයි. මිතුරන් අතරෙ බෙදාහරින්න තරම් වැදගත්කමක් තියෙන පුවතකුත් නෙවෙයි. මේ කාන්තාව කල දේ අනුමත කරන්නෙ නෑ.. කාන්තා පරපුරටම ඇය නිගාවක්..
මේ කියන අවයවයට පින්සිද්ධවෙන්න ඔබත් මමත් ජීවියො උනා.. ඔය බබලා ලැබෙන්නෙ පමාවෙන අපේම සමහර කාන්තාවනුත් සමහර හින්දු කාන්තාවනුත් ස්වාමී වන්දනාව වෙනුවට සමහර හින්දු දෙවිවරුන්ගෙ ලිංග වන්දනාවෙ යෙදෙනවා. පතිදම රකින උත්තරීතර පත්තිනියක් එ තැනටවත් වැටිය යුතුයැයි මා කෙදිනකවත් සිතන්නෙ නෑ..
කාන්තාවක හෝ පිරිමියෙකු වේවා වයස අවුරුදු 18 පිරුණු වැඩිහිටියන්ට ලිංගික අයිතිය සහ නිදහසක් තිබෙන රටක් මේක.. නීත්‍යානුකූලව කිසිදු ප්‍රශ්ණයක් එල්ල කරන්න කිසිවෙක්ට බෑ.. කාමබෝගී ගිහි දිවියක් ගත කරන ආරදණීය ඔබ සියලුදෙනා අවබෝධ කරගත යුතු එකමදේ වෙන්නෙ තමාට ලද නිදහස තමාට ලද අයිතිය වැරදි ලෙස පාවිච්චි කොට වැරදි පුද්ගලයින් හා බුක්තිවිදීමෙන් වැලකීමයි.
කෙසේවෙතත් මේ සිද්ධිය පසුපස තිබෙනූයෙ රාගය මිස ප්‍රේමයක් නොවන බව වටහාගන්න.. ආදරණීය සහෝදරවරුන්ට ආදරෙන් කියන්නෙ.. මවකට පුතෙක් උපන්නහම ඒ මව රැජිනක් වෙනවා. ඒ මවගෙ හීන බොද කරන පුතෙක් වෙන්න එපා.. ඔබේ කරදඩු උස් මහත් උනාට ඔය කියන අවයව පවා ඔබේ අම්මා හැදුවෙ ඇගේ ලේ කිරි කරපු කිරෙන් නහවා ඔබ පෝෂණය කරලා කියන බව අමතක කරන්න එපා. එ නිසා කවදාකවත් කාමය වරදවා හැසිරෙන්න එපා.
ඒ වගේම දියණිවරුණි, සහෝදරියණි,
මේ රටේ නීතියක් තිබෙනවා. ඒ උත්තරීතර නීතියේ රාමුව තුල ඔබ සුරක්ෂිතයි. ඒ මොන නීතියටත් වඩා ස්වභාවදහමේ නීතිය ප්‍රභලයි. කෙනෙකුගේ හැගීම් සමග සෙල්ලම් කරන කිසිවෙක්ට ජීවිතේ සැනසීමක් ඉතිරි වෙන්නෙ නෑ.. ඒ කොහොම උනත් ඔබ කාන්තාවක්.. උත්තරීතර දිවියකට උරුමකම් කියන මගේ දර්මදිවීපයෙ උපන් කාන්තාවක්.. ඔබට උන වරද අසාධාරණය කදුලින් මිස වදනින් පෙන්වන්න ගියත් එය එතරම් සුන්දර වන එකක් නෑ.. ඔබට උපතින් උරුම කාන්තා දිවිය තුල මේ සියල්ල දිනා ගැනීමට මිස බලෙන් ලබාගැනීමට නොවේ.. අවයවයකට පෙම් බැදි කාමුක කාන්‍තාවක් නොවන්න.. අධ්‍යාත්මයට ඇතුලු වී ඔහු රජ කරන්න.. ඔහු මතුයම් දිනෙක ඔහුගෙ ජය පරාජයන් හමුවේ ඔබගෙ වටිනාකම වටහාගනීවි.

මධූෂා රාමසිoහ – ලක්මවට හඩක්

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site