Home News Breaking ජනපතිට මිලියන හයසීයක වාහන මිලදීගෙන නෑ

ජනපතිට මිලියන හයසීයක වාහන මිලදීගෙන නෑ

389 views
SHARE

රුපියල් මිලියන හයසීයක වියදමින් ජනාධිපතිවරයාට මෝටර් රථයක් මිලදී ගෙන ඇතැයි පල වන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මෙය කාගේ හෝ අසත්‍ය ප්‍රචාරයක් බවයි.

මේ අතර විනිමය පාලන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඊට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සහ නීතිඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර ඇති බවත් නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බවද අමාත්‍යවරයා පවසනවා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා උත්සව සමයේදී අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය විසි තුනක මිල ඉකුත් පාලන සමයට වඩා මේ වනවිට අඩුවී ඇතැයි සදහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site