Home News Breaking උත්සව සමයේ ජනතාවට ජරාව වික්ක කඩ හිමියෝ මාට්ටු

උත්සව සමයේ ජනතාවට ජරාව වික්ක කඩ හිමියෝ මාට්ටු

215 views
SHARE

සිංහල හා දෙමල අලුත් අවුරුදු සමය නිමිත්තෙන් දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර නිෂ්පාදනය කළ ආයතන 2716කට එරෙහිව නඩු පවරා තිබෙනවා.

අප්‍රේල් මස පළමු වනදා සිට මේ දක්වා සිදුකළ වැටලීම් වලදී ආහාර නිෂ්පාදන ආයතන 19,730ක් පරීක්ෂාවට ලක් කල බවත් පරීක්ෂාකිරීම් වලදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අළෙවි කල ස්ථාන 3412ක් වැටලීමට ලක් කළ බවත් ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

එහිදී වැඩිම වැටලීම් ප්‍රමාණයක් සිදුකර ඇත්තේ රස කැවිලි, පොල්තෙල් සහ පිටි වර්ග ආශ්‍රිත නිෂ්පාදන සදහා වන අතර වැඩිම වැටලීම් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් සිදුකර ඇති අතර, වයඹ සහ දකුණු පළාත් වලින් ද සිදුකළ වැටලීම් සංඛ්‍යාව ඉහළ අගයක් ගන්නා බව උපුල් රෝහණ වැඩිදුරටත් සදහන් කළා.

මෙම වැටලීම් සඳහා දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2000කට ආසන්න පිරිසක් යොදවා තිබෙන බවද සභාපතිවරයා කියා සිතියා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site