Home News Breaking කොතලාවල වෙඩි තැබීම සමයන් ඝාතනයේ ප්‍රතිපලයක් සැකකරුවන් මෙන්න

කොතලාවල වෙඩි තැබීම සමයන් ඝාතනයේ ප්‍රතිපලයක් සැකකරුවන් මෙන්න

4,934 views
SHARE

අද පෙරවරුවේ කඩුවෙල කොතලාවල හන්දිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සදහන්කලේ මෙය සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර පවතින ආරවුලක ප්‍රතිඵලයක් විය හැකි බවයි.

කඩුවෙල, කොතලාවල ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදුවූ වෙඩිතැබීමට අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කර තිබෙන බවත් නුගේගොඩ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ මෙම විමර්ශන සිදුවන බවත් පොලීසිය පවසනවා.

මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ 42 හැවිරිදි රුවන් තුෂාර හෙවත් පිඩලි තුෂාර නැමැති පහළ බෝමිරිය ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු බවත්, ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවත් පොලිසිය පවසනවා.

මෙම පිඩලි තුෂාර නැමැත්තා පසුගියදා ඝාතනයට ලක්වූ සමයං නැමැති පාතාල අපරාධකරුගේ විරුද්ධ පාර්ශ්වයේ පුද්ගලයකු බවත් ඔහු මීට වසරකට පමණ පෙර කඩුවෙල වෙලේ හන්දිය ප්‍රදේශයේදී ද කිසියම් පිරිසක් වෙඩි තබා ඇති මුත් ඔහු එයින් දිවි ගලවාගෙන තිබුනු අතර පසුගියදා ඔහුගේ නිවසට කිසියම් පිරිසක් ගිණිතබා ඇති බවද වාර්තා වනවා.

අදාල වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ අනෙක් පුද්ගලයා 49 හැවිරිදි සාමාන්‍ය පුද්ගලයෙක් වන කොතලාවලගේ පියවංශ සෝමගුප්ත නැමැති පෞද්ගලික ආයතනයක සේවය කරන පුද්ගලයෙකු වන අතර මොහු සිය නිවසට අවශ්‍ය තීන්ත මිලදී ගැනීම සදහා ඒ අසල වෙළද සලකට පැමිණ ඇතැයි සදහන්.

වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ තිබී ටී 56 උණ්ඩ 18කට ආසන්න ප්‍රමාණයක් පොලීසිය විසින් සොයාගෙන ඇති අතර මෙම වෙඩි තැබීමෙන් අසළ තිබූ ත්‍රි රෝද රථයක සිටි පුද්ගලයෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමපාල ඒකනායක මේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකරනු ලබනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site