Home News Breaking අතුරුදන්වූ අජන්ත දරුණු අපරාධ කල්ලි නායකයෙක් අත්අඩංගුවෙන් සියල්ල එලියට

අතුරුදන්වූ අජන්ත දරුණු අපරාධ කල්ලි නායකයෙක් අත්අඩංගුවෙන් සියල්ල එලියට

934 views
SHARE

මුදල් පොළියට දීම ඇතුළු ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටි 36 හැවිරිදි අජන්ත පුෂ්පකුමාර නමැති පුද්ගලයෙකු පසුගිය 9 වන දා සිට අතුරුදන්වි ඇති බවට වාර්තාවූ අතර

ඔහුගේ බිරිඳ පැවසුවේ, නිවසට පැමිණි ආයුධ සන්නද්ධව සුදු වෑන් රථයකින් පැමිණි බණ්ඩාරවෙල පොලීසිය යයි කියාගත් පිරිසක් පැමිණ ඔහු රැගෙන ගිය බවයි.

කෙසේ වෙතත් අතුරුදන් වූ අජන්ත පුෂ්පකුමාර නැමැත්තාට එරෙහිව අපරාධ චෝදනා සම්බන්ධයෙන් නඩු කිහිපයක් විභාග වෙමින් පවතින බව ද පොලීසිය පවසනවා.

අජන්ත පුෂ්පකුමාර බියගම නැමති 38 හැවිරිදි මොහු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසිනි.

පොලීසිය පවසන්නේ, මොහු 2014 වර්ෂයේ සිට අනුරාධපුර ප්‍රදේශයේ මහාපරිමාණ සොරකම් හා කොල්ලකෑම රැසක් සිදුකළ අපරාධ කල්ලියක ප්‍රධානියෙකු බවයි.

සැකකරුගේම සැලසුමක් අනුව මෙම පැහැර ගැනීම සිදුව ඇති බවත් මෙම පුද්ගලයා පසුගිය සමයේ උතුරුමැද පළාතේ සිදු වූ මහාපරිමාණ කොල්ලකෑම් රැසකට සම්බන්ධ බවත් පොලීසිය සදහන් කරනවා.

2016 – නොවැම්බර් 26 අනුරාධපුර මූල්‍ය ආයතනයකට ඇතුළු වී එහි සේප්පුව කඩා රු. කෝටි 7 කට අධික රත්‍රං කිලෝ 11යි ග්‍රෑම් 500 ක් සොරකම් කිරීම.

2014 – වසරේ දෙසැම්බර් 10 වන දින අනුරධපුර ප්‍රධාන පෙළේ රෙඳිපිළි අලෙවිසලකට කඩා වැදී රු. ලක්ෂ 15ක් කොල්ල කෑම.

2015 – නොවැම්බර් අනුරාධපුර යාපනය හන්දියේ ව්‍යාපාරික ස්ථානයක ආරක්ෂකයාට පිහියෙන් ඇන එහි සේප්පුව කඩා රුපියල් ලක්ෂ 3ක් කොල්ල කෑම.
සාලිය පුර හමුඳා කඳවුර ඉදිරිපිට පිහිටි බැංකුවකට ඇතුළු වී එහි සේප්පුව කපා ලක්ෂ 2ක් කොල්ල කෑම.
අනුරාධ පුර ස්වර්ණාභරණ අලෙවි සලකට කඩා වැදී එහි සේප්පුව කපා රුපියල් ලක්ෂ 29ක් කොල්ල කෑම.
අනුරාධපුර වාණිජ බැංකු ෆිනෑන්ස් ශාඛාවකට ඇතුළු වී එහි සේප්පුව කපා රුපියල් ලක්ෂ 7කට අධික මුදලක් කොල්ල කෑම.

යන ඉහත සියලු අපරාධ මෙම පුද්ගලයාගේ මෙහෙයවීමන් සිදුව තිබෙනවා.

මුදල් සේප්පු කැඩීමට සම්බන්ධ වූ යාපනය වඩුක්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි දමිළ ජාතිකයෙකු ද මොහු සමග සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ, කොල්ල කල්ලියේ තවත් සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවයි.

පොලිසිය වැඩිදුරටත් සදහන් කලේ මෙම පුද්ගලයාට එරෙහිව නිධානවලින් ලබා ගන්නා ලද රන් කාසි බවට හඟවමින් ව්‍යාජ ලෙස සකස් කරන ලද කාසි හා මැණික් ගල් විකිණීම සහ කොල්ලකෑම් අපරාධ කිහිපයකට සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාග වෙමින් පවතින බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site