Home News Sports ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමු ජය ලබයි

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමු ජය ලබයි

208 views
SHARE

කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේදි අයර්ලන්තයට එරෙහිව ලකුණු 146 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (08දා) සමත්වුනා.

කොළඹ NCC ක්‍රීඩාංගණයේදී නිමාවට පත්වූ මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 05කට ලකුණු 239ක් රැස් කළා.
ශ්‍රී ලංකා ඉනිම වර්ණවත් කළ ප්‍රසාදිනී වීරක්කොඩි (61) හා ඩිලානි මනෝදරා (53) අර්ධශතක රැස්කිරීමට සමත්වූ අතර අයර්ලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී ඉසබෙල් ජොයිස් කඩුලු 04ක් දවාගැනීමට සමත්වූනා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් අයර්ලන්ත ක්‍රීඩිකාවන්ට පන්දුවාර 36.1 කදී සියලු ක්‍රීඩිකාවන් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 93ක් පමණි.

එහිදී ක්ලෙයාර් ශිලින්ග්ටන් පමණක් ලකුණු 36ක් රැස්කිරීමට සමත් වූ අතර අයර්ලන්ත ඉනිම බිද වාට්ටු ඉනොසි ප්‍රියදර්ශනී (3/21), ඉනෝකා රණවීර (2/16) හා ශ්‍රී පාලි වීරක්කොඩි (2/37) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන මීළඟ තරගය අනිද්දා (11දා) පැපුවා නිව්ගිනියාවට එරෙහිව පැවැත්වීමට නියමිතය.