Home News Breaking කොළොන්නාවේ කසල කන්ද නිවාස 100ක් බිලිගනී

කොළොන්නාවේ කසල කන්ද නිවාස 100ක් බිලිගනී

1,537 views
SHARE

අද පස්වරු 3 පමණ කොලොන්නාව මීතොටමුල්ල කසල කන්දේ කොටසක් කඩාවැටීම නිසා නිවාස 100 කට ආසන්න සංඛ්‍යාවක් යටවී ඇති බව පොලිසිය පවසනවා.

ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ නිවාස පෙලක් මෙලෙස කුණු කන්දට යට වී ඇති බවයි.

කොළොන්නාව, මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් විපතට පත්වූවන් බේරා ගැනීමට සහ සහන සේවා සදහා වහාම කි‍්‍රයා කරන්නැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ති‍්‍රවිධ හමුදාවටට, පොලීසියට සහ ආපදා කළමණාකරණ අමාත්‍යාංශයට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව අදාළ සියලූ පාර්ශව මේ වනවිටත් බේරා ගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා ආරම්භ කර ඇති බව ආපදා කළමණාකරණ අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා පැවසුවේ.

ගිනි ගැනීම් ඇතිවුවහොත් ඒවා පාලනය කිරීම සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ යානයක්ද මීතොටමුල්ල කසල කන්ද ප‍්‍රදේශයට යවා තිබෙනවා.

ආපදාව නැරඹීම සදහා එම ප‍්‍රදේශයට පැමිණීමෙන් වළකින ලෙසයි අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා සෙසු මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

එලෙස අනවශ්‍ය පිරිස් පැමිණීම බේරා ගැනීමේ මෙහෙයුම් සහ සහන සේවාවලටද බාධාවක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

තුවාල ලැබූවන් ප‍්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බවයි පොලීසිය පැවසුවේ.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site