Home News Breaking අගමැති රනිල් හෙට වියට්නාමයට යන්න සුදානමින්

අගමැති රනිල් හෙට වියට්නාමයට යන්න සුදානමින්

237 views
SHARE

වියට්නාම් අග්‍රාමාත්‍ය ගුයෙන් ෂුඑන් ෆුගේ (Nguyen Xuan Phuc) ආරාධනයක් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එම මැතිණිය අප්‍රේල් 16 වන දා සිට 19 වන දා දක්වා වියට්නාමයේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි.

වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර සබඳතා තහවුරු කරලීමත්, වෙළඳ, ආර්ථික, කර්මාන්ත ආදී ක්ෂේත්‍රයන් තුළ නව සබඳතා ඇති කර ගැනීමත් අරමුණු කර ගනිමින් පැවැත්වෙන මෙම සංචාරයේ දී අගමැතිවරයා ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිස වියට්නාම් අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නායකයින් සමග ද්විපාර්ශවික සාකච්ඡා පවත්වන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.

ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ජාතික සහජීවන, සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් අළුවිහාරේ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශ ලේකම් චාන්දනී විජයවර්ධන, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන පිරිස මේ සංචාරයට සදහා එක්වීමට නියමිත බව සදහන්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site