Home News Breaking අනතුර කලින්ම දැනුම්දීලා මීතොටමුල්ල ජනතාවට ගිය සතියේ ඉවත්වන්නැයි කිවුවත් ඉවත්වී නෑ

අනතුර කලින්ම දැනුම්දීලා මීතොටමුල්ල ජනතාවට ගිය සතියේ ඉවත්වන්නැයි කිවුවත් ඉවත්වී නෑ

2,414 views
SHARE

කොලොන්නාව, මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් මියගිය ගණන 11 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අවුරුදු 12, 15, 14, සහ 11 යන වයස් වල පසුවන කුඩා දරුවන් සිව්දෙනෙකු ද ඊට අයත් බවයි.

තුවාල ලැබු 12 දෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් 5 දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.

නේවාසිකව ප්‍රතිකාර ලබන පුද්ගලයින් 7 දෙනාගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.

මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩාවැටීමේ සිද්ධියෙන් පුද්ගලයින් 180 දෙනෙකු පීඩාවට පත්ව තිබෙන අතර නිවාස 100ක් පමණ ඉන් විනාශවී තිබෙනවා.

ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන පැවසුවේ අවතැන්ප්‍ වුවන්ර ප්‍රදේශයේ විහාරස්ථානයක රඳවා ඇති බවයි.

සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් බේරා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 300 ත් 400 ත් අතර පිරිසක් යොදවා ඇතැයි හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න සඳහන් කරනවා.

සිද්ධියෙන් විපතට පත්වුවන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා මීතොටමුල්ල මිහිඳු විද්‍යාලයේ තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බව ද හමුදා ප්‍රකාශකවරයා සඳහන් කලා.

මේ අතර මීතොටමුල්ල කුණු කන්ද අවට නිවාස 15 ක ජනතාවට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස මීට සතියකට පමණ පෙර දැනුම් දී තිබූ බව කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් සුගත් සිසිර කුමාර ප්‍රකාශ කරනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site