Home News Breaking මීතොටමුල්ලේ අලුත්ම තත්වය මරණ 22යි විස්තරේ මෙන්න PHOTOS

මීතොටමුල්ලේ අලුත්ම තත්වය මරණ 22යි විස්තරේ මෙන්න PHOTOS

3,289 views
SHARE

මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් පවුල් 180 කට අයත් පුද්ගලයින් 625 දෙනෙකු අවතැන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිිලි පවසනවා.

ඒ අතර ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අවුරුදු11, 12, 14, 15, යන වයස් වල පසුවන කුඩා දරුවන් සිව්දෙනෙකු මිය ගිය අය අතර මේ වනවිට අනතුරින් සිදුවී ඇති මරණ ගණන 22ක් බවයි

සිද්ධියෙන් නිවාස 145කට පමණ අලාභහානි සිදුව ඇති බව පොලීසිය සඳහන් සදහන් කරනවා.

නාගහමුල්ල, නිල්ගේවත්ත, දහම් මාවත සහ 23 වත්ත යන ප්‍රදේශවල නිවාසවලට එලෙස හානි වී තිබෙනවා.

ඊයේ පස්වරුවේ සිද්ධිය වාර්තාවීමත් සමග පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ සහන කණ්ඩායම් එක්ව සුන්බුන් අතර සිරවූවන් මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ ක

ඒ සඳහා සහකාර පොලිස් අධිකාරීවරුන් සිව්දෙනෙකුගේ අධීක්ෂණය යටතේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 500 ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 4ක් යොදවා ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පවසනවා.

අවශ්‍යතාව පරිදි යෙදවීම සඳහා බෙල් 212 වර්ගයේ ගුවන් යානයක් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සූදානම් කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෘප් කැප්ටන් ගිහාන් සෙනවිරත්න සඳහන් කළා
.
මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා අංශයේ 10 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කණ්ඩායමක් කැඳවීමට පියවර ගෙන තිබෙන අතර පතල් හා කැණීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් හා පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් ද කැඳවා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, අපරාධ ස්ථාන පරික්ෂණ නිලධාරීන් කණ්ඩායමක් මේ වන විට විමර්ශන කටයුතු සිදු කරන බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site