Home News Breaking මීතොටමුල්ල කුණු කන්දට බිලිවූ 15 දෙනෙකුගේ අවසන් කටයුතු අද PHOTOS

මීතොටමුල්ල කුණු කන්දට බිලිවූ 15 දෙනෙකුගේ අවසන් කටයුතු අද PHOTOS

624 views
SHARE

මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් මිය ගිය 15 දෙනෙකුගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි.

කොළොන්නාව රජමහා විහාරයේ පැවැත්වෙන ආගමික වතාවත්වලින් අනතුරුව ඔවුන්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙනු ඇති.

මේ අතර ඊයේ රාත්‍රී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් මිය ගිය බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවා.

සිද්ධියෙන් තුවාල ලැබු 12 දෙනෙකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ වන බව ජාතික රෝහල් ප්‍රකාශයකයා සඳහන් කළා.

පසුගිය 14 වනදා සිදු වූ ඛේදවාචකයෙන් එහි නිවාස 145 ක් හානියට පත්වූ අතර පවුල් 180කට අයත් පුද්ගලයින් 625 දෙනෙක් අවතැන්ව සිටිති.

මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් අතුරුදන් වු පිරිස් සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක බව හමුදා ප්‍රකාශකවරයා සඳහන් කරයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site