Home News Breaking මහනුවර ද්විත්ව මංතීරු උමං මාර්ගයට කැබිනට් අනුමැතිය

මහනුවර ද්විත්ව මංතීරු උමං මාර්ගයට කැබිනට් අනුමැතිය

167 views
SHARE

මහනුවර නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස කිලෝමීටර් 5.5ක දිගින් යුතු ද්විත්ව මංතීරු උමං මාර්ගයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් හමුවේදී මේ සඳහා අනුමැතිය ලැබී ඇති අතර මහනුවර දළදා මාළිගය ඉදිරිපිට ඇති මාර්ගය වසාදැමීම හේතුවෙන් මහනුවර නගරයේ දැඩි රථවාහන තදබදයක් පවතින බවට බොහෝ පිරිස් චෝදනා කළ අතර, එයට විසඳුමක් ලෙස මෙම තීරණයට ගෙන තිබෙනවා.

ඒ අනුව මහනුවර දළදා මාර්ගය ඉදිරිපිට මාර්ගය වසා තැබීමටත් ඒ වෙනුවට කිලෝමීටර් 5.5ක් දිග මෙම උමං මාර්ගය ඉදිකිරීමටත් නියමිතයි.

මෙම උමං මාර්ගය මහනුවර සුදුහුම්පොළ සිට තැන්නෙකුඹුර දක්වා ද්විත්ව උමං මාර්ගය ඉදිකෙරෙන අතර, නුවරවෙල හංදිය සහ බෝගම්බර ලෙස අන්තර් හුවමාරු දෙකක් ඇතුළත් කර තිබෙනවා.

මෙහි ඉදිකිරීමත් සමග මහනුවර නගරය, විලියම් ගොපල්ලව මාවත, මහනුවර වැව රවුම මාර්ගය, දළදා මාළිගාව සිට තැන්නේකුඹුර දක්වා මාර්ගයන්හි පවතින තදබදයට විසඳුමක් දියහැකි බව රජයේ අපේක්ෂාව වී තිබෙනවා.

ආරක්ෂිත නැවතුම් පහසුකම්, ආරක්ෂිත පිටවීමේ පහසුකම් ඇතුළත්ව අන්තර්ජාතික තත්ත්වයෙන් යුතුව නවීන උමං මාර්ගයක් ලෙස ඉදිකිරීමට සැලසුම් කර ඇති මෙම උමං මාර්ගය කොරියාවේ ආර්ථික සංවර්ධන අරමුදල යටතේ ඉදිකිරීමට නියමිතය.

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site