Home News Breaking ප්‍රභූ වාහන පිපිරවීම සඳහා සැකසු අධිබලැති පීඩන බෝම්බයක් හමුවෙයි – PHOTOS

ප්‍රභූ වාහන පිපිරවීම සඳහා සැකසු අධිබලැති පීඩන බෝම්බයක් හමුවෙයි – PHOTOS

242 views
SHARE

ප්‍රභූ වාහන පිපිරවීම සඳහා කොටින් විසින් සැකසු අධිබලැති පීඩන බෝම්බයක්

ප්‍රභූ වාහන පිපිරවීම සඳහා කොටින් විසින් සැකසු අධිබලැති පීඩන බෝම්බයක් වවුනියාවේ නිවසකින් සොයා ගෙන තිබෙනවා.

කිලෝ 15 ග්‍රෑම් 150ක බරින් යුක්ත මෙම අධිබලැති පීඩන බෝම්බය වවුනියාව උක්කුලාන්කුලම් ප්‍රදේශයේ නිවෙසක මිදුලේ වළ දමා සොයා ගත් බවයි වව්නියාව පොළිසිය සඳහන් කලේ.

උක්කුලාන්කුලම් ගම්මානයේ කාන්තාවක් තම නිවෙසෙහි ගෙමිදුලේ වළක් හැරීමට ගිය මොහොතේ මෙම බෝම්බය මතු වූ බවත් පසුව නිවැසියන් විසින් ඒ බව වවුනියාව පොලිසියට දැනුම් දී එය පසුව ගොඩට ගත් බවයි සඳහන් වන්නේ.

හමුවූ අධිබලැති පීඩන බෝම්බය කොටි සංවිධානය විසින් නිෂ්පාදිත එකක් බවයි පොලිසිය සඳහන් කලේ.

එය යුද සමයේ ප්‍රභූ වාහන පිපිරවීම සඳහා රැගෙන එන ලද බෝම්බයක් බවට සැක කරන බවද පොලිසිය වැඩි දුරටත් කියා සිටියා.

මෙසේ හමුවූ පීඩන බෝම්බයේ “කැප්ටන් රාජා (අයියා) 99” ලෙස සටහන් වී තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site