Home C Gossip යෝනි සුන්නත් සැත්කම් කල වෛද්‍යවරියට වැඩ වරදියි – PHOTOS

යෝනි සුන්නත් සැත්කම් කල වෛද්‍යවරියට වැඩ වරදියි – PHOTOS

16,684 views
SHARE

ඇමරිකාවේ ඩිට්‍රොයිට් නගරයේ වෛද්‍යවරියක් ගැහැණු ළමුන්ගේ ලිංගඡේදනය කිරීමේ යෝනි සුන්නත් සැත්කම් (FGM- Female genital mutilation) සිදු කිරීම පිළිබඳව චෝදනාවට ලක්ව තිබෙනවා.

ජුමානා නගර්වාලා නමැති වෛද්‍යවරිය අවුරුදු හය, අට සහ දොළහ ආදී වයස්වල දැරියන්ට යෝනි සුන්නත් සැත්කම් කර ඇති බව පොලීසිය සඳහන් කළා.

බලධාරීන් වෛද්‍යවරිය පරීක්‍ෂාවට ලක් කර තිබෙන්නේ මේ පිළිබඳව ලැබුණු ඔත්තුවකට අනුවයි.

ඇය අදාළ චෝදනාවට වැරදිකාරිය වුවහොත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳීමට ඇයට සිදුවනු ඇති බවයි විදෙස් පුවත් අනාවරණ කළේ.

යෝනි සුන්නත ඇමරිකාව තුළ නීතිවිරෝධී බවට ප්‍රකාශයට පත්කෙරුණේ 1996 වසරේදීයි.

මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන්නන් සමග ස්වේච්ඡාවෙන් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වෛද්‍ය නගර්වාලා ඇයට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කළ බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා සඳහන් කළා.

මිචිගන් ප්‍රාන්තයේ සිට මෙම වෛද්‍යවරියගේ සායනයවෙත ගිය ඇතැමුන්ට මෙය රහසක්ව තබාගන්නා ලෙස වෛද්‍යවරිය පවසා තිබූ බව පැමිණිලි පක්ෂය පවසනවා.

ඩිට්‍රොයිට් නගරයේ අධිකරණය හමුවට ඉදිරිපත්කළ වෛද්‍යවරිය මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

“ගැහැණු ළමුන්ට එරෙහිව සිදු කෙරෙන අමානුෂික වධහිංසාවක් වන යෝනි සුන්නත තවමත් සිදුවෙමින් පවතින දෙයක්. ඇමරිකාව තුළ එය අපරාධයක් ලෙසටයි සැලකෙන්නෙ” ඇමරිකානු නීතිඥයෙකු වන ඩනියෙල් ලෙමිෂ් පවසනවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site