Home News Breaking නොරොච්චෝලේ යළිත් අක්‍රියයි

නොරොච්චෝලේ යළිත් අක්‍රියයි

214 views
SHARE

නොරොච්චෝල ගල් අඟුරු විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රිය වී තිබෙනවා.

ඒ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට මේ වන විට විදුලි සැපයුම ඇණහිට ඇති බව, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සදහන් කළා.

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ පළමු අදියරෙහි විදුලි ජනන යන්ත‍්‍රයේ අද (17) පෙරවරුවේ ඇතිවූ කාර්මික දෝෂය යථා තත්ත්වයට පත්කිරීමට දින 5ක් පමණ ගතවන බවයි ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ.

මෙම විදුලි ජනක යන්ත‍්‍රයෙහි බොයිලේරුවේ ඇති වූ කාන්දුවීමක් හේතුවෙන් යන්ත‍්‍රය අක‍්‍රීය වී තිබෙනවා.

මෙම ජනන යන්ත‍්‍රය අක‍්‍රීයවීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවක් අහිමි වුවත් විදුලි කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළා.

එය අලූත් වැඩියා කළ හැක්කේ සෙන්ටිග්‍රෙඩ් අංශක 500ක පමණ උෂ්ණත්වයකින් යුතු එම පද්ධතිය සිසිල්වීමෙන් පසුව බවත්, ඒ සඳහා දින දෙකක හෝ තුනක කාලයක් ගත වනු ඇති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site