Home News Breaking මවට සාරියක් ගන්න ගොස් කාන්තාවකගේ සාරියක් ගලවයි

මවට සාරියක් ගන්න ගොස් කාන්තාවකගේ සාරියක් ගලවයි

866 views
SHARE

තම මවට සාරියක් තේරීමට ගොස් කාන්තා අනුරුවක් යැයි සිතා සැබෑ කාන්තාවකගේ සාරියක් ගැලවීමට ගිය සිද්ධියක් පසුගියදා කඩවතින් වාර්තා වුණා.

මෙහි කතා නායකයා ලඟදි පාසල් අධ්‍යාපනය අවසන් කළ තරුණයෙක්. ළඟ ළඟම එන අලූත් අවුරුද්දට ඇඳුම් පැලඳුම් මිලදී ගැනීමට ඔහු තම මව සමග කඩවත ප‍්‍රදේශයේ සුප‍්‍රසිද්ධ නිමිඇඳුම් හලකට ගියා.

සාප්පු සංකීර්ණයට ඇතුළු වු මව සහ පුතු සාරි තෝරමින් සාප්පුවේ ඉදිරියට ඇදුනා. විවිධ වර්ගවල සාරි වර්ග කාන්තා අනුරූවලට අන්දවා හැඩ කරවා තිබෙනු මෙම තරුණයා දුටුවා.

මෙසේ එකින් එක ගනිමින් තම මවගේ කැමැත්ත අකමැත්ත විමසමින් මවගේ කරට සාරි දමා හැඩ බැලූ පුතා අනෙක් පස ඩමිය වෙත යන්නේ එහි ඇති සාරිය ඉතාම වර්ණවත් වූ නිසාවෙන්.

එක දිගට කාන්තා අනුරූ තුනක් තිබූ අතර පළමුවැනි අනුරුවේ තිබූ සාරියට මව එතරම් කැමැත්තක් දැක්වූයේ නැ. දෙවැනි අනුරුවේ සාරියට ද ඇය එතරම් ඇල්මක් නොදැක් වූ හෙයින් තුන්වන කාන්තා අනුරුව වෙතට ගොස් “අම්මේ මේක හොඳයි දැයි අසමින් එහි තිබූ සාරියෙන් ඇද්දා.” එක වරම “පිස්සුද මනුස්සයෝ යැයි කියමින්” ඩමිය හැරී බැලුවා.

එවිට තරුණයාට හීන් දාඩිය දැමුවා. අනුරූ දෙක කෙළවරේ සිටියේ තවත් කාන්තා අනුරුවක් නොව සාරියක් ඇඳගත් කාන්තාවක් බව ඔහුට තේරුම් යනවිට සියල්ල සිදුවී හමාරයි.

විශාල පිරිසක් ඉදිරිපිට අපහසුතාවට පත් වු තරුණයා “අනේ සොරි” කියමින් සාරි තේරීම නවතා දමා එතනින් පිටවී ගියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site