Home News Breaking මීතොටමුල්ලේ කුණුකන්දට යටවූ තවත් මළසිරුරු සොයා ගැනෙයි

මීතොටමුල්ලේ කුණුකන්දට යටවූ තවත් මළසිරුරු සොයා ගැනෙයි

279 views
SHARE

කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නායයෑමේ සිද්ධියෙන් මේ වනවිට මියගිය ගණන 30ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

අතුරුදන් වූ අයගේ තවත් මළ සිරුරු රැසක් වැළලී ගොස් ඇති අතර එම මළසිරුරු සෙවීමේ මෙහෙයුම් කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ මෙහෙයවීමෙන් තවදුරටත් සිදුකෙරෙමින් පවතිනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ 17 දෙනකු මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර පස් යට වැළලී සිටියදී හමුදාව විසින් බේරාගන්නා ලද සිවුදෙනෙක්ද ඒ අතර වනවා.

සිද්ධියෙන් අවතැන්වුවන් කොළොන්නාව ටෙරන්ස් ද සිල්වා විද්‍යාලයේ ලැගුම්ගෙන සිටිනවා. මෙම ප්‍රදේශයේ දශක කීපයක සිට පදිංචිව සිටි වැසියන් මෙන්ම මෑත කාලයේදී පදිංචිව සිටි ජනතාවගේ නිවාස එසේ විනාශයට පත්ව ඇති අතර ඛේදවාචකය සිදුවූ අවුරුදු දා (14) නිවාඩු දිනයක් වූ බැවින් බොහෝ නිවාසවල ගෘහමූලිකයන් ඇතුළු සියලුම දෙනා නිවාස තුළ රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.

14 වැනි සිකුරාදා සවස 3.00ට පමණ සිදුවූ මෙම කුණුකන්ද නායයෑමේ සිද්ධියෙන් කොලොන්නාව දහම්පුරවත්ත, 23 වත්ත සහ නාගහමුල්ල ප්‍රදේශයේ නිවාස 145ක් පමණ හානියට පත්ව ඇති අතර ඉන් නිවාස 60ක් පමණ සම්පූර්ණයෙන්ම පස්වලින් යටවී ඇතැයි ප්‍රදේශවාසීන් සහ නිලධාරින් සඳහන් කරනවා.

මේ අතර එම ප්‍රදේශයේ ඇති තවත් නිවාස 130ක් පමණ ඉවත් කරන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිර්දේශ කර තිබෙනවා.

සිද්ධිය වූ සිකුරාදා සවස වහාම විපතට පත්වූවන් ගලවා ගැනීමටත් විපතට පත්වූවනට සහන සැලසීමටත් කටයුතු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂක අංශ සහ පොලිසියටත් ආපදා කළමනාකරණ අංශවලටත් නියෝග කළ අතර ඒ අනුව එදින රාත්‍රී සිට එම අංශ වහා ක්‍රියාත්මකවී තම මෙහෙයුම් සිදුකරනු ලැබුවා.

මේ අනුව යුද හමුදාවේ 500ක් ද, පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ 500ක් ද, ගුවන් හමුදාවේ 100ක් පමණ විපතට පත්වූවන් බේරාගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටින අතර මේජර් ජනරාල් සුදන්ත රණසිංහගේ අධීක්ෂණයෙන් මෙහෙයුම් කටයුතු සිදු කෙරෙනවා.

මේ වනවිට පොලිසිය දිවා රාත්‍රී ප්‍රදේශයට ආරක්ෂාව සපයන අතර කැඩී බිඳී ගිය නිවාසවල සහ අතහැර ගිය නිවාසවල දේපළ සොරා ගැනීමට පැමිණි සැකකරුවන් 23 දෙනකු පමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site