Home News Breaking මිලියන 70ක් වටිනා රන් ආභරණ අත්අඩංගුවට

මිලියන 70ක් වටිනා රන් ආභරණ අත්අඩංගුවට

219 views
SHARE

රේගුවට සඟවමින් මෙරටට ගෙනා රුපියල් මිලියන 70ක පමණ වටිනා රන් ආභරණ කිලෝ 10ක් කටුනායක ගුවන්තොටුපළේ දී ශ්‍රී ලංකා රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදේශ මත්පැන් බෝතල් බහාලුමක දමාගෙන පැමිණි ලාංකිකයකු සතුව තිබී මෙම රන් ආභරණ තොගය අත්අඩංගුවට ගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව සදහන් කලේ.

සැකකරු කොළඹ ග්‍රෑන්ඩ්පාස් පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඉතා විසිතුරු හැඩයේ කැරට් 22 රනින් නිමවු මාල, වළලු, බ්‍රේස්ලට් විශාල ප්‍රමාණයක් මෙලෙස අත්අඩංගුවට තිබෙනවා.

සැකකරු ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් එෆ්.ඉසෙඩ් 557 දරණ ගුවන් යානයෙන් අලුයම 1 ට පමණ මෙරටට පැමිණ ඇති අතර ඔහු පිළිබදව ඇති වූ සැකයක් මත කළ පරික්ෂාවේ දී මෙම භාණ්ඩ සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site