Home News Breaking වනජීවී නිලධාරියෙකුගෙන් වන අලියෙකුට වෙඩි

වනජීවී නිලධාරියෙකුගෙන් වන අලියෙකුට වෙඩි

252 views
SHARE

වගා ළිඳකට වැටී සිටි වන අලින් රංචුවක් මුදාගැනීමේ මෙහෙයුමක් අතරතුර වනජීවී නිලධාරියෙකු සිදුකළ වෙඩි ප්‍රහාරයකින් වන අලියෙකු මියගිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

වව්නියාව, ඕමන්ත කොම්බුවයිත්තකුලම් ප්‍රදේශයේ දී වන අලින් සිව් දෙනෙකු වගා ළිඳකට වැටී ඇති බවට ප්‍රදේශවාසීන් විසින් ඊයේ(16) සිදුකළ දැනුම්දීමකට අනුව ඕමන්ත පොලීසියේ නිළධාරීන් සහ වව්නියාව වනජීවි කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ ප්‍රදේශයට ගිය බවයි වාර්තා වන්නේ.

ඊයේ (16)රාත්‍රිය වන විට වගා ළිඳට වැටී සිටි අලි පැටවුන් දෙදෙනෙකු මහත් පරිශ්‍රමයක් දරා බේරා ගැනීමට ඔවුන් සමත් වුණා.

අනෙක් අලින් දෙදෙනා බේරා ගැනීම සඳහා අද(17) උදෑසන යළි මෙහෙයුම් ආරම්භ කර ඇති අතර බැකෝ යන්ත්‍රයක් ද යොදාගනිමින් වන අලින් දෙදෙනා ගොඩට ගැනීමට වනජීවී නිලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වනවා.

එහිදී කලහකාරීව හැසිරුණු එක් අලියෙකු වනජීවී නිලධාරීන්ට පහරදීමට උත්සාහ කිරීම හේතුවෙන් එක් නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකදී එම වන අලියා මියගොස් තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site