Home News Breaking වැසි වැටුණොත් මීතොටමුල්ල යළි අවදානම්

වැසි වැටුණොත් මීතොටමුල්ල යළි අවදානම්

339 views
SHARE

ඉදිරියේදී වැසි වැටුණොත් මීතොටමුල්ල කුණු කන්ද යළි නාය යා හැකි බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නාය යැම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්‍ෂ ආර්. එම්. එස්‌. බණ්‌ඩාර සඳහන් කරනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ බණ්‌ඩාර,

“ඇත්තටම කුණු කන්ද නාය ගියේ නැහැ, සිද්ධ වුණේ කුණු කන්දේ බරට පොළොවේ තිබෙන පස්‌ තට්‌ටුවක්‌ විස්‌ථාපනය වීමයි. මෙහිදී කන්ද අවට නිවාස පැත්තකට තල්ලුවීමක්‌ සහ ඉහළට එසවීමක්‌ සිදුවෙලා තිබෙනවා. මේ තත්ත්වය අපි හඳුන්වන්නේ නාය යැම් තත්ත්වයක්‌ ලෙසයි. මෙවැනි සිදුවීමක්‌ ලංකාවේ සිදුවූ පළමු වතාව මෙයයි. දැනට කන්දට කුණු නොදමන නිසා අවදානමක්‌ නැහැ. නමුත් ඉදිරියේදී වැසි වැටුණොත් කුණු කන්ද නාය යා හැකියි. ඒ නිසා අපි දැනටමත් කුණු කන්ද අවට අවදානම් කලාපයක්‌ නම් කර එහි පදිංචිකරුවන්ට එතැනින් ඉවත් වීමට උපදෙස්‌ දී තිබෙනවා. මෙම අවදානම් කලාපයේ නිවාස 130 ක්‌ පමණ තිබෙනවා” යැයි ආර්. එම්. එස්‌. බණ්‌ඩාර කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site