Home News Sports පාපන්දු ප්‍රේක්ෂකාගාරයේදී තරුණයෙකු මරුදකී

පාපන්දු ප්‍රේක්ෂකාගාරයේදී තරුණයෙකු මරුදකී

196 views
SHARE

ආර්ජන්ටිනාවේ පාපාන්දු තරගයක් අතරතුර ප්‍රේක්ෂකාගාරයේ ඇති වූ ගැටුමකින් පාපන්දු ලෝලියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේනවා .

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රහාරය එල්ල වී දින දෙකකට පසු හිසට සිදු වූ තුවාල හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ප්‍රතිවාදී ආධාරකරුවෙකු බව පවසමින් කෝපයට පත් ප්‍රේක්ෂකයින් පිරිසක් ඉමෑනියුල් බාල්බෝ නමැති 22 හැවිරිදි මොහුව අඩි 16ක් පමණ ප්‍රපාතයකට තල්ලු කර තිබේනවා .

සිද්ධිය ඇසින් දුටුවෙකු පවසා ඇත්තේ, බාලෝ ප්‍රතිවාදී ආධාරකරුවෙකු බව පවසමින් එක් අයෙකු කෑ ගසා පැවසීමත් සමග තවත් පිරිසක් ඔහු තල්ලු කළ බවයි.
හිසට සිදු වූ දැඩි තුවාල ද සමග ඔහු රෝහල්ගත කර ඇති අතර වෛද්‍යවරුන් පවසා ඇත්තේ, රෝහල්ගත කරන අවස්ථාවන වන විට ත් ඔහුගේ මොළය අප්‍රාණික වී තිබූ බවයි.

ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර ආර්ජන්ටිනා පාපන්දු සංගමය පවසන්නේ, මෙම ප්‍රහාරයට සම්බන්ධ සියල්ලන් නීතිය හමුවට ගෙන ආ යුතු බවයි.

මේ අතර විදෙස් වාර්තා පවසන්නේ, 2013 වසරේ සිට මේ දක්වා පාපන්දුවට අදාළ ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන් පුද්ගලයින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site