Home News Politics කුණු කන්ද ඉවත් කර එතන සුන්දර ගම්මානයක් නිර්මාණය කරනවා

කුණු කන්ද ඉවත් කර එතන සුන්දර ගම්මානයක් නිර්මාණය කරනවා

308 views
SHARE

මීතොටමුල්ල සිදුවීම සඳහා පවතින ආණ්ඩුව හා පැවති ආණ්ඩුව වගකිව යුතු බව හා ආපදාවට ලක්වූවන්ට ආධාර ලබාදීමේදී සියලුදෙනාට එක පරිදි සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර පවසනවා.

අද(18) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමන් ඔහු මේ බව සඳහන් කළා.

වර්තමානයේ අපේ රටේ පවතින ප්‍රධානම ගැටළුව වන්නේ නිසි ක්‍රමවේදයක් නොමැති වීම හා ක්‍රමවේදයන් පිළිබද අපේ රට ඉතාම දුර්වල බව ඔහු කියා සිටි අතරම කොළඹ කුණු කොළොන්නාවට අරන් ගියාට ගැටළු වලට නිසි විසඳුම් නොලැබෙන බවද කියා සිටියා.

තවද අපේ රටේ තාක්ෂණය කෙතරම් තිබුණද එය නිසි ලෙස භාවිතා නොවන බවද ඔහු අවධාරණය කළා.

මාස තුනක් ඇතුළත ජනාධිපතිතුමා මේ ගැටළුව ගැන විසඳුමක් ලබා නොදුනහොත් තරුණ පෙරමුණ මැදිහත් වී විසඳුමක් ලබා දෙන බවද ඔහු සඳහන් කළා.

එමෙන්ම මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී පස්පුරවා සිදුකරන බැවින් ළගදීම මධ්‍යම කදුකරය නාය යාමට ලක් වීමේ අවදානමක් පවතින බව ද කියා සිටියා.

එමෙන්ම තරුණ පෙරමුණ එක්වී මීතොටමුල්ලේ කුණු කන්ද ඉවත් කර එතන සුන්දර ගම්මානයක් නිර්මාණය කරන බව වැඩිදුරටත් පැවසුවා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site