Home C Gossip අහසත් පොළවත් මුහුදත් සියත දරා “අරා” ගුවන කරා

අහසත් පොළවත් මුහුදත් සියත දරා “අරා” ගුවන කරා

502 views
SHARE

සියත ගුවන මවිත කරමින් රේඩියෝ ඉතිහාසයේ විශාල ආන්දෝලනයක් ඇති කල “DJ අරා” අද සිට සියත FM හි තම සුපුරුදු වැඩසටහන ආරම්භ කළා.
Original DJ අරා සමඟින් ආශ්චර්යා උදැසන 7.00 සිට 10.00 දක්වා fm 98.2 /98.4 ඔස්සේ ඔබට දැන් සවන් දිය හැකියි.
“DJ අරා” හිරු නාලිකාවෙන් ඉවත් වූ සැනින් තවත් නාලිකා ඔහු කොපි කලත්, DJ අරා නම භාවිත කරමින් තම වැඩසටහන් සාර්ථක කර ගැනීමට උත්සහ කලත් එය අසාර්ථක වුණා.
අද “DJ අරා” තම වැඩසටහන ආරම්භ කලේ අවුරුදු 18ක අතීතයත් සිහිපත් කරමින්. ඒ වගේම බොහෝ දෙනෙක්ගේ හිත වල තිබු ප්‍රශ්නවලටත් “අරා”උත්තර දෙන්න අමතක කලේ නෑ.
ඔහුගේ නිහතමානිකම කොච්චරද කියනවනම් හිරුට-සඳුට හිස නමා ආචාර කරමින් තමයි ඔහුගේ සුපුරුදු වැඩසටහන ආරම්භ කලේ.
තමන් හැදුන, නමක් හදා ගත්ත තැනට ගෞරව කරන්න “DJ අරා” අමතක කලේ නෑ.
“සීනි කොහේ තිබ්බත් කුඹි වහනවා.” ඒ “DJ අරා”ගේ මතයයි.