Home News Breaking තාජුදීන් ඝාතනයේ නවතම හෝඩුවාව මෙන්න

තාජුදීන් ඝාතනයේ නවතම හෝඩුවාව මෙන්න

2,087 views
SHARE

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස්නාහිර පළාත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේනවා .

අදාළ නඩුව අද(18) කැඳවූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොක්සි විසින් ඔහු ලබන 27 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කළා

එමෙන්ම වසීම් තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් පෞද්ගලික ඔත්තුකරුවන්ගෙන් ලැබුණු රහසිගත තොරතුරු පදනම් කරගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස පරීක්ෂණ පවත්වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක අධිකරණයට දැනුම් දී තිබේනවා.

වසීම් තාජුදීන්ගේ විද්‍යුත් කාඩ්පත් මඟින් මුදල් ලබාගෙන තිබේද යන්න පිළිබඳවද පරීක්ෂණ පවත්වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම්දී ඇත.

එමෙන්ම ඝාතනයට පෙර හා පසු දින ජනාධිපති ආරක්ෂක අංශය මඟින් පවත්වාගෙන ගිය තොරතුරු සටහන් පොත්වල ලේඛන ඉවත් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන පරීක්ෂණ ද අඛණ්ඩව සිදුකරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දී තිබේ.

එවකට ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ආනන්ද සමරසේකර සම්බන්ධයෙන් පවත්වාගෙන යන විනය පරීක්ෂණ ලබන 21 වනදා දින වන විට අවසන් කරන බවට වෛද්‍ය සභාව තමන්ට දැනුම් දී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී ප්‍රකාශ කළ බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site