Home News Breaking මීතොටමුල්ලේ සමේ රෝගයක් පැතිරෙයි

මීතොටමුල්ලේ සමේ රෝගයක් පැතිරෙයි

281 views
SHARE

මීතොටමුල්ල ප්‍රදේශයේ මේ වන විට සමේ රෝගයක් පැතිර යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

එම රෝගය මර්දනය කිරීම සඳහා මේ වන විටත් ජංගම වෛද්‍ය සායන කීපයක්ම එම ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති අතර අවශ්‍ය තරම් ඖෂධ එම ප්‍රදේශයේ මධ්‍යම බෙහෙත් ශාලාවන් තුළ පවතින බවද සංගමයේ උප ‍ලේකම් වෛද්‍ය හරිත අලුත්ගමගේ කියා සිටියා.

තවදුරටත් වසංගත රෝගයන් ව්‍යාප්ත වන්නේ නම් වෛද්‍යවරුන් 40 දෙනකුගෙන් යුත් සංචිතයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත මුදා හැරීමට සූදානමින් සිටින බවයි සංගමයේ උප ‍ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේ.

ආපදා කළමනාකරණ පශ්චාත් උපාධිය ලබා සිටින වෛද්‍යවරුන් 20 දෙනකු පමණ මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව සිටින බවත් හදිසි අවශ්‍යතාවකදී එම වෛද්‍යවරුන්ද වහාම කැඳවීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියා.

ජල මූලාශයන් දූෂණය වී ඇති බැවින් පාචන තත්ත්වයක් පැන නැගිය හැකි බැවින් එයට මුහුණ දීම සඳහා පෙර සිටම සූදානමින් සිටින බවද සංගමය අවධාරණය කරනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site