Home News Breaking කොළඹ කුණු නිසා දොම්පෙත් උණුසුම් වෙයි

කොළඹ කුණු නිසා දොම්පෙත් උණුසුම් වෙයි

267 views
SHARE

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමත් සමඟ ඇති වූ තත්වයෙන් පසු දිනපතා කොළඹ එකතුවන කුණු දොම්පෙ ප්‍රාදේශීය සභාව සතු කසළ කළමනාකරණ මධ්‍යස්ථානයට ගෙන ඒමට ගත් තීරණය සමඟ ඒ අවට පදිංචි ජනතාව අතර නැවතත් ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවී තිබෙනවා.

“කොළඹ කුණු අපට එපා, මෙතන මළත් කොළඹ කුණු ගේන්න දෙන්නෙ නෑ” යන සටන් පාඨ කියමින් කිරිඳිවැල හංවැල්ල මාර්ගයේ මාලිගාවත්ත කසල කළමනාකරණ මධ්‍යස්ථානය දක්වා දිවෙන මාර්ගය අවහිර කරමින් මෙලෙස උද්ඝෝෂනය පවත්වනු ලැබුවා.

මෙම අවස්ථාවට දොම්පෙ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් ජයතිලක, පළාත් සභා මන්ත්‍රී රවි විජේසේකර, ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් වන නීතිඥ පියසේන කාරියප්පෙරුම, අජිත් සිසිර කුමාර යන සහභාගිවී සිටියා.

ඒ අවස්ථාව වන විට කොළඹින් කසළ පැටවූ ට්‍රිපර් රථ හතක් කළමනාකරණ මධ්‍යස්ථානයට ගොස් තිබුණු අතර තවත් ට්‍රිපර් රථ කීපයක් නගරාසන්නයේ නවතා තිබෙනු දක්නට ලැබුනා.

මෙහිදී විරෝධතාකරුවන් කියා සිටියේ එම ට්‍රිපර් රථ වලට ආපසු යාමට ඉඩදෙන බවත් නැවත ඇතුල්වීමට ඉඩ නොදෙන බවත්ය.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාාරී මුදිත පුස්සැල්ල ඇතුළු කිරිඳිවැල, දොම්පෙ, පූගොඩ, මල්වතුහිරිපිටිය, නිටිටඹුව යන පොලිස් ස්ථාන වලින් සහ පොලිස් විශේෂ බලකායේ නිළධාරී මෙම ස්ථානයට කැදවා තිබුණු අතර ගම්පහ ජ්‍යෙෂඨ පොලිස් අධිකාරීවරයා සහ පරිසර අධිකාරියේ නැගෙනහිර පළාත් භාර අධ්‍යක්ෂ දොම්පෙ කසල කළමනාකරණ මධ්‍යස්ථානයේ කළමනාකාර චතුර මල්වාන විසින් දීර්‍ඝ ලෙස රැස්වසිටි ජනතාවට කරුණු පැහැදිලි කිරීමක් කරනු ලැබුවා.

ඉන් පසුව රැස්වසිටි ජනතාව ප්‍රකාශ කලේ අද දිනට පමණක් සියළුම ට්‍රිපර් රථ සඳහා ඇතුළු වීමට ඉඩ ලබා දෙන බවත්ය.

මෙහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල අධිකරණය ලබා දී ඇති තීන්දුව පිලිබදව පැහැදිලි කර දුන් අතර ඉදිරියේ දී ගනු ලබන පියවර සාකච්ඡා කර දැනුවත් කිරීමට චතුර මල්වාන සහ ජ්‍යෙෂඨ පොලිස් අධිකරීවරයා කටයුතු කරන බව එහිදී රැස්වසිටි ජනතාවට පොරොන්දු වූ පසුව සියල්ල විසිර යන ලදී.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site