Home News Business WhatsApp අලුත් වෙයි

WhatsApp අලුත් වෙයි

385 views
SHARE

ස්මාර්ට් ජංගම දුරකථන මෘදුකාංගයක් වන WhatsApp මෘදුකාංගයට නව විශේෂාංග කිහිපයක් එක්කර තිබෙනවා.

WhatsApp මෘදුකාංගයයට අලුතින් එක්කර ඇති ප්‍රධානතම පහසුකම මගින්, යම් අයෙක් තවත් පුද්ගලයෙකුට WhatsApp හරහා යවනු ලබන කෙටි පණිවුඩයක යම් වැරැද්දක් ඇත්නම් එම කෙටි පණිවුඩය මකාදැමීමට හෝ එහි ඇති වැරැද්ද නිවැරදිකර ආපසු යැවීමට හැකියාව ලැබෙනු ඇති.

අදාල වැරැද්ද නිවැරදි කිරීමට හෝ කෙටි පණිවුඩය මකාදැමීමට විනාඩි 05 ක කාලයක් ලබා දී තිබීම ද විශේෂත්වයක් වනවා.

WhatsApp මෘදුකාංගයට එක්කර ඇති අනෙක් පහසුකම වන්නේ WhatsApp මෘදුකාංගය භාවිතකරන යම් අයෙක් සිය දුරකථන අංකය වෙනස් කරනු ලැබූ අවස්ථාවන්වලදී ඒ සම්බන්ධයෙන් WhatsApp මෘදුකාංගය භාවිතකරන එම පුද්ගලයාගේ මිතුරන් වෙත ස්වයංක්‍රියව දැනුම් දෙනු ලබනවා.

මෙම නව පහසුකම් නුදුරේදීම WhatsApp මෘදුකාංගයට එක් කරමින් හදුන්වාදීමට කටයුතු සැලසුම්කර ඇති බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site