Home News Breaking පදිංචිවීමට සිටි නව නිවසේ ගෙල වැලලාගත් අපේ කාලයේ ඇදුරුතුමා

පදිංචිවීමට සිටි නව නිවසේ ගෙල වැලලාගත් අපේ කාලයේ ඇදුරුතුමා

378 views
SHARE

තමන් විසින් සාදා පදිංචි වීමට සිටි නිවසේ බාල්කයක එල්ලී ගෙල වැලලාගෙන සියදිවි හානීකරගැනීමේ පුවතක් සම්බන්ධයෙන් මිහින්තලේ ප්‍රදේශයෙන් වාර්තාවනවා.

මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ වහගහපුවැව පළුගස්වැව කහටගස්දිගිලිය ප්‍රදේශයේ උපත ලැබූ 30 හැවරදි සෙනවිරත්නගේ ඉන්දික කුමාර සෙනවිරත්න නැමැති ගුරුවරයෙකු බව පොලීසිය පවසනවා.

මොහු එප්පාවල සිද්ධාර්ථ ජාතික පාසලේ කළා අංශයේ ගුරුවරයෙකු වශයෙන් මීට මාස කිහිපයකට ඉහතදී සේවයට එක්වී ඇති අතර ගුරුවෘත්තියට පිවිසිමට පෙර අනුරාධපුර නැගෙහිර නුවරගම් පලාත් ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ සංර්ධන නිළධාරියෙකු වශයෙන් කටයුතුකර තිබෙන බව පොලිසිය සදහන් කරනවා.

මෙම ගුරුවරයා 2017 වර්ෂයේ ජනවාරී මස 25 වනදා විවාහ ගිවිසගෙන තිබෙන බවත් ඔහු ඊයේ (17) සවස නව නිවසට පැමිණ ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබෙන බවත් ඔහුගේ අත් අකුරින් ලියු ලිපියක් පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා. එය ඔහු භාවිතා කරන ලද යතුරු පැදියේ දුම්වාර්ථා සහතිකයේ ලියා තිබූ බවද පොලීසිය පවසනවා.

“මගේ මරණයට බිරිද මගේ දෙමාපියන් වගකිවයුතු නෑ මගේ ආදරයත් මට අහිමි උනා. මේක මගේ මෝඩකම. මම කරපු රැකියාව මාරු කිරිමත් මෝඩකමක්” යනුවෙන් ලිපියේ සටහන් තබා තිබූ බවත් මෙම ගුරුවරයා පළමුවන පටුමග කුරුන්දන්කුළම අනුරාධපුර යන ලිපිනයේ නව නිවසක් තනා තිබූ බවත් මේ මස 20 වනදා පදිංචිවීමට සිටි නිවසේ කාමරයක් හරහා දමා තිබූ යකඩ බාල්කයක ලණුවක් ගැටගසා එහි තොන්ඩුවේ එල්ලී මියගොස් සිටි බවත් පොලිසිය වැඩිදුරටත් සදහන් කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය හා හදිසි මරණ පරික්ෂණය අද (18) දහවල් අනුරාධපුර ශික්ෂණ රෝහල්දී පැවත්වූ අතර මිහින්තලය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුක්මාල් රත්නායකගේ උපදෙස්මත සැරයන් 47835 නන්දසේන පරික්ෂණ කටයුතු කරනු ලබනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site